Header Ads

පරිගනකය රාමු කිරීම




ඩෙස්ක්ටොප් වර්ගය කුමක් උවත් එය ටවර් එකක් ලෙස තමා නිපදවෙන්නෙ.මේක ගොඩක් කාලෙක ඉදන් එන ස0කල්පයක්.ඒත් කාලයේ ඇවෑමත් එක්ක මේ ටවර් කන්සෙප්ට් එකේ තියෙන දෝශ කිහිපයක්ම මගහැරෙන විදිහට ඩෙස්ක්ටොප් නිර්මාණය කිරීමේ අදහස් පහල වෙලා තියෙනව.ඇත්තටම කිව්වොත් මේක 2014 වර්ශයේ ආපු දෙයක් තමයි.ඩෙස්ක්ටොප් ෆේම් කියන අදහස කට්ටිය දන්නව ඇතිනෙ..හරි දන්නෙ නැති කට්ටියත් ඇතිනෙ.එහෙනම් එයාලත් දැනගන්නත් එක්ක මේ ලිපිය ලියන්න මම තීරනය කලේ.මේ ලිපියෙන් මම හුදෙක්ම විස්තර කරල තියෙන්නෙ අද ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ෆ්රේම් ජාතියක් වන Dfream ගැනයි...


මොකක්ද මේ ඩෙස්ක්ටොප් ෆේම් කියන්නෙ,???



ටවර් එකක තියෙන ප්‍රධානම ගැටලුව තමයි ඒක ගොඩක් රත් (heat) වෙන එක.මොකද ඒක සම්පූර්ණයෙන්ම 
වැසුණු පෙට්ටියක්. වායු හුවමාරුවට cooling ෆෑන් වලට වෙන් කරල තියෙන කුඩා වා කවුලු ටික තියෙනව.
ඒත් දැන් දැන් පාරිභෝගිකයන්ට එන පරිගණක වල කාර්යක්ශමතාව වැඩි නිසා ඒව heat වෙන ඉක්මනත්  
heat වෙන ප්‍රමාණයත් වැඩී.මේවට ගැලපෙන විදිහට cooling fan නිශ්පාදකයො නිපදුවත් ඒවගෙන් වෙන 
වායු හුවමාරුම හරි හැටි සිදු වෙන්නෙ නෑ පරිගනකයෙ කේසින් එක නිසා...ඉතින් මේ නිසා ටවර් එකක් වෙනුවට fream එකක් කියන තියරිය ආවෙ.

ඩෙස්ක්ටොප් රාමුව....


ඇලුමිනියම් බාර් වලින් නිපදවෙන මේ fream එකේ ශක්තිය ඉතා වැඩි බවත් අනෙකුත් ඩෙස්ක්ටොප් ටවර් වලට වදා බරින් අඩු බව සදහන් වෙනව.මෙහි දෙපසට උශණත්වයට ඔරොත්තු දෙන වීදුරු දෙකක් සවි වනව.මේ සැකසුමත් එක්ක පරිගනකයේ උපා0ග භාහිර පරිසරත් සමග කෙලින්ම ගැටෙන නිසා පරිගනකයේ මවුපුවරුවෙනුත්,අනෙකුත් උපා0ග වලිනුත් හටගන්නා තාපය ඉතා ඉක්මනින් පිටත පරිසරයට නිදහස් වෙනව.මෙහි තිබෙන අනෙක් වැඩගත්කමනම් අවශ්‍යනම් ඔබට අමතර සිසිලන ප0කා 6 යනතෙක් සියලුම උපා0ග සියල්ල ආවරණය වන පරිදි යොදාගත හැක.එසේම පද්ධතිය තුල දූවිලි රැදීමක්ද සිදුවන්නෙ නැත.පිටත වාතය(exhausters) ඇද දෙන වර්ගයේ ප0කාද මෙහි ඇත්තේ එබැවිනි.. 



ඩීෆේමි එක මිලදී ගනිදි ඔබට ලැබෙන්නෙ පෙට්ටියක අසුරන ලද කොටස් එකතුකර සදා ගත හැකි ආකාරයෙන්ම...සාමාන්‍ය ලෙසින් එකලස් කරන විස්තර ඇතුලත් විස්තර පත්‍රිකාවක්ද මේ සමග ඔබට ලැබෙනව.ඒ නිසා මෙය කාටත් එකතු කරගන්න පුලුවන්...



No comments

Powered by Blogger.