Header Ads

Root කළාව..


රූට් කරපු ෆෝන් එකක්,ටැබ් එකක්ද තියෙන්නෙ ????එහෙනම් මෙන්න ෆෝනෙ එකේ හරි ටැබෙ එකේ
හරි තියෙන්නෙ ඕනෙ ඇප්ස් ටිකක්..කොටින්ම කියනවනම් මේ ටික try කරල බලන්න වටිනව.ප්‍රොෆෝමන්ස්
කොහොමද කියල බලන්නකො මේ ඇප්ස් ටිකේ..


  1. Lucky patcher 


විවාදයකින් තොරව කියන්න පුලුවන් Lucky patcher නම් රූට් ෆෝන් එකක තියෙන්නම ඕනෙ.ඇන්ඩ්‍රොයිඩ් 
යූසර් කෙනෙක් අනිවාර්යෙන්ම ෆෝන් එකෙ හරි ටැබ් එකේ හරි games play කරනවමනෙ.කොච්චර සෙල්ලම් කරත් ලෙවල් අප් වෙන්න කොඉන්ස් ඉල්ලන වෙලාවට කවුරුත් හිර වෙනව.lucky patcher මේකට ඔයාලට උදවු වෙයි අනිවාර්යෙන්ම.මුදල් ගෙවල ගන්න තියෙන කොයින් එහෙම lucky patcher රන් කරල මුදල් නොගෙවීමකින්ම ලබාගන්න පුලුවන්.තේරෙන්නම කියනවන්ම් මේ ඇප් එක මොඩිෆයිඩ් ඇප් එකක්.මේකෙන් අපේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියෙන ඇප්ස් වල ඇති පැචර්ස් ෆිල් කරනව.මේකෙන් කරගන්න පුලුවන් සම්පූර්ණ වැඩකොටස නම්,

  • License Verification ලේසියෙන්ම ඉවත් කරගන්න පුලුවන්.
  • Ads ඉවත් කරගන්න පුලුවන්.
  • ෆෝන් එකේ තියෙන අනවශ්‍ය system apps ඉවත් කරගැනීමට පුලුවන්.
  • දැනට තියෙන ඇප්ස් වල modified කරපු APK files ඔයාලටම නිවදවාගන්න පුලුවන්...
හැබයි COC වගේ online server ගේම්ස් වලට මේක අදාල නෑ.අදාල නෑ කියන්නෙ අදාලම නෑ.මේකෙන් එහෙම online server ගේම්ස් වලට වැඩ නෑ....ඔන්න දැන්ම අනතුරු අගවන්නම්,youtube එකේ කොච්චර video තිබුනත් lucku patcher එකන් coc limit කඩන, ඒ video වලට යොදාගෙන තියෙන්න coc හදල තියෙන්නෙ privert server වලින්. online ගේම්ස් වල  License Verification ඉවත් කරගෙන ඒ ගේම්ස්  play කරන්න ගිහින් අදාල ගේම් එකේ ගේම් ඩිවලොපර්ස්ලට අහුවෙලා ගෙම් එක play කරගන්න තියෙන චාන්ස් එක නැති කරගන්න එපා.අනිත් කාරණය තමයි මේ වෙද්දි මේ ඇප් එක play store එකේ නෑ.site එකට ගිහින් APK ඩවුන්ලෝඩ් කරගන්න වෙනව.

       2. Tasker



මුලින්ම කියන්න ඕනෙ මේක මුදල් ගෙවල ගන්න තියෙන ඇප් එකක්..Black mart එකෙන්නම් Free බාගන්න පුලුවන්.කොහොම නමුත් තමන්ගෙ ෆෝන් එක තමන් විසින් ලබා දුන්න වැඩපිලිවෙලකට ඔටෝ වැඩ කරග්න්න කැමති කට්ටියට මේක ගොඩක් ප්‍රයෝජනවත්.ඔයා headphones එක ෆෝන් එකට plug කරපු ගමන් තමන් විසින් දීල තිබුන order එකකට අනුව,පේලේයර් එකේ තමන් කැමතිම play list එක display කරනව  වගේ වැඩත් කරගන්න පුලුවන්.තවත් ගොඩක් දේවල් මේකන් ලිස්ට් කරගෙන වැඩකරගන්න පුලුවන්.මේක ක්‍රියා කරවන්නත් පහසුයි.

       3. Dumpster 


අතපසුවීමකින් ඕනම කරන ෆයිල් හරි මොනවහරි දෙයක් මැකුනද ෆෝන් එකේ..රිකවරි ඇප් එකකින් රිකවරි කරත් මැකුන ෆයිල් එක හම්බ උනෙ නැද්ද?? මේවගේ ඔලුවට වදදෙන ප්‍රශ්නෙකදි මොකද කරන්නෙ....??ෆෝන් එක root එකක් නම් බයවෙන්න දෙයක් නැ..නෝමල් රිකවරි ඇප් එකකට deep scan එකක් කරන්න කවදාවත් phone system එක ඉඩ දෙන්නෙ නැ..ඒක සරල දෙයක්.නමුත් root phone එකක මේ කාර්යය කරගන්න පුලුවන්.කොහොම නමුත් මේ කාරනය නිසාම දැන් තියෙන රිකවරි ඇප් deep scan පහසුකමත් නෑ බොහෝ වෙලාවට.ඒත් Dumpster කියන්නෙ මේ වෙනුවෙන්ම නිපදවල තියෙන ඇප් එකක්..මේකෙන් deep scan එකක් කරල music,images සහ videos වගේම documents උනත් හොයලදෙනව.basically මේක Recycle Bin එකේ ක්‍රියාකාරකම සිදු කරනව..තමුන් delete කරපු දේවල් permanently delete කරන්නත් 
මේක යොදගන්න පුලුවන්.

        4. GL Tools


මේ ඇප් එක රූටඩ් ඇන්ඩ්‍රොයිඩ් යූසර්ස්ල අතර ටොප් රේට් එකක් තියෙන ඇප් එකක්.ඔයා ගේම් වලට අදරේ කරන කෙනෙක් නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙනව.මොකද කියනවනම් මේකෙ heavy games play කරන්න සපෝට් කරනව.සමහර ගේම්ස් ෆෝන් එකට ඉන්ස්ටෝල කරගත්තට ඒව play කරද්දි graphics ප්‍රොෆෝමන්ස් ගොඩක් අඩුයි කියල අපිට තේරෙනවනෙ.ගේම් එක ෆෝන් එකට කේපබල් කියල සදහන් වෙලා තිබුනත් යම් යම් හේතු නිසා මේ දේ සිදුවන්නේ..ඒත් GL Tools වලින් මේ දෝශ බොහෝදුරට  
දුරට මගහරවගෙන play කරන්න පුලුවන්.gaming performance බූට් කරන නිසා හොද ක්‍රීඩා ඇත්දැකීමක් මේකෙන් ලබාගන්න පුලුවන්.

         5. SetCPU


ඔන්න gamers and battery lovers දෙගොල්ලොම ආස කරන ඇප් එකක්.setcpu එකෙන් ෆෝන් එකේ cpu එකෙ frequencyඑකෙ ලේසියෙන්ම මැනේජ් කරගන්න පුලුවන්. frequency එක කන්ට්‍රෝල් කරල cpu performance up කරගන්න පුලුවන් වගේම බැටරියේ ඩ්‍රේන් ඩවුන් එකත් පාලනය කරග්න්න පුලුවන්.ඇගිල්ලෙන් screen එක swip කරල මේ සෙටි0ස් ටික හදාගන්න පුලුවන් විදිහට මේ ඇප් එක ඩිවලොප් කරල තියෙනනෙ.ලෙසියි,පහසුයි...ආ...තව ටිකෙන් අමතක වෙනව.SetCPU බාවිතයෙන් 
cpu එක overclock CPU හෝ underclock CPU අකාරයට ලේසියෙන්ම සෙට් කරගන්න හැකියාව තියෙනව...


           6. Link2SD



මේ ඇප් එක ගොඩක්ම වටින්නෙ ෆෝන් එකෙන් බර වැඩ කරන කට්ටියට.ඒ කිව්වෙ ලොකු ලොකු ඇප් රන් කරන කට්ටියට්යි,ලොකු ලොකු ගේම්ස් රන් කරන කට්ටියට්යි.මේ වැඩ වලට බාගන්න සමහර ඇප්ස් අපිට internal මෙමරියෙන් sd card එකට move කරන්න දෙන්නෙ නෑ.ඔව් ඒක ලොකු අවුලක්.Link2SD මේකට සොලියුශන් එකක්.Link2SD එකෙන් sd card එකේ වර්චුවල් පාටිශන් කිහිපයක් හදාගෙන sd card එක සහ internal මෙමරියත් අතර  link (බ්‍රිජ්) එකක් හදාගෙන apk file එක(app එක) move කරල දෙනව.

මේ ඇප්ස් ටික ජීවියත් භාවිතා කරා.ඇත්තටම මේව අනිත් කට්ටියටත් රෙකමන්ඩ් කරන්න පුලුවන් නිසයි ඔයාලත් මේව ගෙනාවෙ...

රූට් කරපු ෆෝන් සහ ටැබ් වල try කරලම බලන්න ඕනෙ ඇප් ටිකක් ගැන ගෙනාව මේ ලිපිය ගොඩක් රසවත් වෙන්න ඇති කියලහිතනව.එහෙනම් ඇන්ඩ්‍රොයිඩ් යූසර්ස්ලට වැදගත් ලිපියකින් ඉක්මනින්ම නැවත් හමුවෙමු.එතකන් ජීවියව පෙන තෙක් මානෙන් ඉන්න.

No comments

Powered by Blogger.