Header Ads

Monitor එක හරහා රැහැන් රහිතව දුරකථන චාජ් කරන ක්‍රමයක් හඳුන්වා දේ.


රැහැන් රහිතව දුරකථන චාජ් කිරීමේ ක්‍රම භාවිතයට ආවේ වසර කීපයකට සිටයි. මේ ක්ෂේත්‍රයේ නවතම හඳුන්වා දීම වාර්තා වන්නේ සැම්සුන් සමාගමෙන්. ඒ SE370 මොනිටරයයි. එනම් ලොව ප්‍රථම ජංගම දුරකතන සඳහා රැහැන් රහිත චාජරයක් අඩංගු මොනිටරයයි. සාමාන්‍ය මොනිටරයක් මගින් සිදු කෙරෙන කාර්යයන්ට අමතරව එයින් ගත හැකි ප්‍රයෝජන ගැන සලකා බැලූ සැම්සුන් සමාගම මේ නවතම නිර්මාණය හඳුන්වා දී තියෙනවා. මෙම මොනිටර ඔබට අඟල් 23.7 සහ 27 යන සංස්කරණ වලින් ලබාගත හැකිය. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට මෙහි මිල ගණන් පිළිබඳ සඳහනක් නොතිබුණත් එය සැබැවින්ම මිල අධික දෙයක් වෙනවාට සැක නැහැ. නමුත් එය සැම්සුන් ස්මාට් දුරකථනයන්හි අගය ඉහල දැමීමට මහත් පිටුවහලක්වේ වි. මෙහි ඇති හොඳම වාසිය වන්නේ ඔබේ ජංගම දුරකථනය චාජ් කිරීම සඳහා අමතර උපකරණ සහායන්අවශ්‍ය නොවීමයි. මෙම SE370 මොනිටර සාමාන්‍ය මොනිටරයක් සේම දිස් වෙන නමුත් මදක් සැලකිල්ලෙන් බැලූ විට ඔබට හඳුනා ගත හැකි වේවි මොනිටර ආධාරකය තුල රැහැන් රහිත Qi චාජරයක් අඩංගුව ඇති බව.


ඔබ වැඩ කරන අතරතුර ජංගම දුරකථනය මෙම SE370 මොනිටරය අසල තබන්න. එවිට LED බල්බයක් 
දැල්වෙමින් ඉබේම දුරකථනය චාජ් වීම ආරම්භ වූ බව තහවුරු කෙරේවි. තව දුරටත් චාජර සොයමින් කාලය 
විනාශ කිරීමට හෝ කේබල් පටලවා ගැනීමට හෝ අවශ්‍ය නොවේ. Samsun හි Seok-gi Kim මහතා පවසන 
අයුරින්ම, නව තාක්ෂණය ඔබගේ සක්‍රීය ජීවන විලාශයට සහයක් මිස වදයක් නොවිය යුතුයි.

ඔබේ දැනුමට,,,
මීට මසකට පමණ පෙර ඇමරිකානු පර්යේෂක පිරිසක් ආදර්ශනය කලා සාමාන්‍ය වයිෆයි රවුටර් වැඩි දියුණු කිරීමක් හරහා රැහැන් රහිතව බල ශක්තිය සම්ප්‍රේෂණය කිරීමට යොදාගත හැකි බව. මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සංවර්ධනය කරන "Power Over Wi-Fi" නම් පද්ධතිය මගින් ප්‍රධාන බලශක්තියට සම්බන්ධ නොවූ කුඩා උපකරණයක් සඳහා ස්ථාවර විදුලි සැපයුමක් වයිෆයි හරහා සැපයිය හැකි 
බව පෙන්වා දී තිබෙනවා.

ලෝකය දියුනු වෙනව,හැබැයි ඒ හෙමින් නෙමෙයි,හිතගන්නවත් බැරි වේගයෙන්.දියුණු වෙන ලෝකයෙ අපිත් ඒ විදිහටම ඉදිරියට යන්න ඕනෙ.ඒකට අපි නව තාක්ෂණයන් ගැන හොද අවදානයෙන් ඉන්න ඕනෙ.ජීවිය මේ සියලුම තොරතුරු ගෙනත් දෙන්නම්...

No comments

Powered by Blogger.