Header Ads

Blackmart-Android කළුකඩේ වතගොත.


Android Use කරන අයගෙන Android Game වලට වැඩි කැමත්තක් දක්වන අය වැඩියෙන් බාවිතා කරන ඇප් එක්ක තමයි Blackmart කියන්නෙ.හැබැයි Balckmart භාවිතා කලාට ගොඩදෙනෙක් දන්නෙ නැති කරුනු කිහිපයක් තියෙනව.ඒ ගැන තමයි අද ඔයාලට කියන්න යන්නෙ.


  • ඉතින් මොකක්ද මේ ඇප් එක?
Balckmart කියන නමේම තියෙනව ඒක අදහස.
                      👉කළුකඩය
       ඔව් ඇත්තටම මේක කළුකඩයක්

මූලිකවම මේ ඇප් එකෙන් වෙලා තියෙන්නෙ  Android Play-store එක වගේම තවත් Duplicate Play-store එකක් නිර්මාණය කිරීමක්.ඒකට දාපු නම තමයි Blackmart.

මේ කළුකඩය ඇතුලෙ ඔයාලට පුලුවන් Original Android play-store එකේ තියෙන ඒත් සල්ලි දීල ගන්න ඕනකරන Paid-Apps නොමිලේ Download කරගන්න.ඔව් ඔයා කියව්ව හරියටම හරි.Free!!! 
හරි ඔයා මෙහෙම හිතන්න,ඔයා දැනට සෙල්ලම් කරන Game එකක් තියෙනව.ඒකෙ ඊලඟ ලෙවල් එකට යන්න ඔයාට යම්කිසි මුදලක් ගෙවන්න ඕනෙ.හැබැයි එහෙම ඔයා මුදල් ගෙවන්න අකමැතීනම් Game එකත් ඕනෙ නම්,මෙන්න මෙතනදි Balckmart app එකට ගිහින් ඔයාට බලන්න පුලුවන් ඔයා Play කරන ඇප් එකේ නවතම Decoded App එක තියෙනවද කියල.තියෙනවනම් ඒක  Download කරගත්තම ඔයාට මුදල් ගෙවීම අවශ්‍ය වෙන්නෙ නැතුවම ඔයාට යන්න ඕන උන ලෙවල්ස් වලට යන්න පුලුවන්.ඔන්න ඔහොමයි මූලිකවම මේ කළුකඩේ දේවල් සිද්ධවෙන්නෙ.

  • Blackmart නීතිවිරෝධීද?
හොදයි පළවෙනියටම,මේක Android play-store එකේ තිබුන ඒත් දැන් ඉවත් කරල තියෙන ඇප් එකක්.ඒ වගේම මේකෙන්  වෙනනෙ යම්කිසි අයෙක් විසින් නිර්මාණය කෙරුන ඇප් එකක ,Code නීතිවිරෝධී ලෙස වෙනස් කර නැවත අන්තර්ජාලයට මුදාහැරීම. Google එක හැමෝම දන්න විදිහට ඉතාම තද ආරක්ෂක නීති පියවර ගන්න සමාගමක් ,ඉතින් මේ සමාගම කවදාවත් අනාරක්ෂිත App එකක් තමන්ගෙ පරිශීලකයන්ගේ භාවිතයට මුදාහරින්නෙ නෑ.ඒක නිසා Google play-store එක Blackmart App එක නීතිවිරෝධ එහෙමත් නැත්නම් illegal-app ලෙස නම් කලා.හැබැයි දැනටත් ලෝකෙ වැඩි වශයෙන් මේක භාවිතා වෙනව.ඒත් තර්කානුකූලව මේ ඇප් එක නීතිවිරෝධී.


  • එතකොට ඒවට හේතු උනේ??
ලොකුම ගැටලුව උනේ දිනෙන් දින Blackmart හරහා එකතුවෙන මේ විදිහෙ Code වෙනස් කරපු Apps මගින් Android device වලට එක් එක් ආකාරයේ අනතුරු වෙන්න පටන් ගත්ත එක..ඒ කිව්වෙ Android device වල දත්ත අනවසරයෙන් ලබාගැනීම,Ransom සිදුකිරිම අදී ක්‍රියා..ඔව් මේක ඒ තරමට බරපතල උනා.ඊට අමතරව play-store එකේ තියෙන ගෙවීමක් කලයුතු ඇප්ස් නිර්මාණය කරන්න සමහර නිර්මාණකරුවන්ට විශාල වියමදක් දරන්න උනා..ඒක නිසා තමයි ඔවුන් ඒ සදහා යම් මුදලක් නියම කලේ.ඒත් එහෙම අමාරුවෙන් නිර්මාණය කරන ඇප් එක වෙන තැනක Free දුන්නාම ඒක අපිට වාසි උනාට නිර්මාණකරුවන්ට විශාල පාඩුවක් උනා.ඉතින් Google සමාගමට Apps නිර්මාණකරුවන්ගෙන් විශාල ලෙස පැමිනිලි ලැබෙන්න ගත්ත.ඒක නිසා Google සමාගමේ play-store ඒකකය විසින් Blackmart කියන යෙදවුම Android සදහා නීතිවිරෝධී යෙදවුමක් කියල නම් කලා.ඒව  තමා Blackmart එක android play-store එකෙන් එලියට විසිවෙන්න හේතුකාරණා..

ඒත් Free Developers කියල හදුන්වන කණ්ඩායමක් මේකට වෙනම web server පවත්වෙගන යමින් තාමත් Service එක දෙනව,ඒ Android Developers ලගෙ ඉතාමත් දැඩි විරෝධය මැද්දෙ.(Free Developers කණ්ඩායම රුසියානු හැකර් කරුවන් මූලික කරගත් Black Hacker කණ්ඩායමක් කියල තමයි අන්තර්ජාලයෙනම් කසුකුසුව යන්නෙ.ඒත් ඒක තාම ඔප්පුවෙලා නෑ තාම හරියට ) 😮

  • නීතිවිරෝධීනම් ඇයි මේකෙ තියෙන Apps Android device වල install කරන්න දෙන්නෙ?
Android කියන්නෙ යන්ත්‍ර භාශාවක්.ඒ යන්ත්‍ර භාශාව මූලික කරගෙන නිපදවෙන මෙහෙයුම් පද්ධතියකට තමයි Android OS කියන්නෙ..ඒ වගේම Android Cop.එකෙන් අවසර දීල තියෙනව ලෝකෙ ඉන්න ඕනම අයෙක්ට Android Apps නිර්මාණය කිරීමට.එහෙම Apps නිපදවන්න තමයි Android studio කියල තවත් සුපිරි Software එකක් හදල තියෙන්නෙ..ඉතින් මෙහෙම හදන ඇප්ස් ටෙස්ට් රන් එක ඒ Software එකේම කරන්න පුලුවන් උනාට ඒක රියල් ටෙස්ට් එකක් කරන්න Android device එක්කම් ඕනෙ..එහෙම තියෙන ඇප්ස් Android OS එකේ install කරන්න තමයි Android OS එකේ 
" unknown source application installation " කියන පහසුකම (පහසුකම කිව්වට ඕක වාරණයක්) හදුන්වාදිල තියෙන්නෙ.
.ඒ කියන්නෙ Android play-store එකෙන් අනුමත කරපු නැති,ඔවුන් වගකීමන් ගන්නෙ නැති තමන් විසින් වගකීම අරගෙන Run කරන Application වලට තමයි ඒ පහසුකම හැදුවෙ..අන්න ඒ පහසුකම් උපයෝගී කරගෙන තමයි Balckmart සහ එහි තියෙන ඇප්ස් Android OS එකමත install කරන්න හැකියාව ලැබිල තියෙන්නෙ..
  • එත්කොට මේ පිලිබද වගකීම?
මම මුලින් කිව්ව වගේ Google සමාගම Blackmart හෝ එහි තියෙනෙ කිසිදු ඇප් එකක් වගකීම ගන්නෙ නෑ.ඉතින් මේ Blackmart එකෙන් ඔයා  Download කරන ඕනම ඇප් එකක් ඔයාගෙ Android Device එකේ Install කරන්න ගියාම ඒක Android මෙහෙයුම් පද්ධතිය විසින් වගකිමක් ගන්නෙ නැති විදිහට අර මම උඩින් කිව්ව වාරණයට ලක් කරනව.

වාරණයකට  ලක් කරනව කියන්නෙ මොකක්ද ? 👀
ඒ කියන්නෙ ඔයා Google Play-store එකෙන් හැර වෙනත් යම්කිසි ප්‍රභවයකින් ලබාගෙන Android Device එකේ Install කරන්න යන ඕනෑම් Application එකකින්, Android device එකේ අනවසර දත්ත ලබාගැනීමක් හෝ මෙහෙයුම් පද්ධතිය වෙනස් කිරීම මගින් සිදුවන ඕනැම අනතුරකට Android මෙහෙයුම් පද්ධතිය ඒ පිලිබඳ වග නොකියන බව.ඒක කරන්නෙ ඔයා ඒ App එක Android මෙහෙයුම් පද්ධතියෙ Install කරන්න යද්දි යටින් දක්වල තියෙනව වගේ අනතුරු ඇගවීමක් ඇවිත් මේ වෙන ක්‍රියාකාරකමට ඔයා එකග වෙනව කියල ඔයා මගින් සහතික කරවගෙන තමයි ඒක Install කරන්න දෙන්නෙ.ඒ කියන්නෙ වෙන ඕන දේකට ඔට්ටු වෙන්න බලාගෙන තමයි වැඩේට එකග වෙන්න ඕනෙ..



  • මොනවද ඔය කියන අනාරක්ෂිතබාවය?
Blackmart එකේ තියෙන හැම ඇප් එක්කම් යම්කිසි අයෙකි විසින් Code වෙනස් කිරීමක් කරල තමයි තියෙන්නෙ..Android Code පිලිබද දැනුමක් නැත්නම් ඔයාට හොයාගන්න බෑ "මම මේ Download කරන ඇප් එකේ ඇතුලෙ ඒකට විධානය කරල තියෙන්නෙ මොනව කරන්නද ?" කියල..ඉතින් සමහර විට ඔයා download කරන්නෙ Game එකක් උනාට,ඒකෙ Game එක play කරන්නත් පුලුවන් උනාට ඒ ඇප් එකට විධානය කරල තියෙන්නෙ පුලුවන් Android device එකේ විස්තර පරිශීලකයාට නොදන්වා යම් ස්ථානයකට upload කරන්නත් කියල.මේ විදිහට ඔයාගෙ Android device එකේ තියෙන පෞද්ගලික විස්තර,ජායාරූප,වීඩියෝ,බැංකු ගිණුම් විස්තර,බැංකු ගිණුම් passwords වගේ ගොඩක් දේවල් ඔයාත් නොදැනී වෙන අයට හොරාගන්න පුලුවන්..

ඉතින් ඒක අවදානමක් නෙමෙයිද?අනිත් එක,Google play-store එකේනම් app එකේ නිර්මාණකරුගෙ විස්තර තියෙනව..ඒත මේ Blackmart එකේ ඒ ඇප් එක Modification කරපු කෙනාන විස්තර නෑ..අඩුම තරමෙ මේ ඇප් එක Download වෙන Server එකක විස්තරවත් අපිට හොයාගන්න බෑ..ඔන්න ඕව තමා මේකෙ තියෙන අවදානම්..



ඒ වගේම කියන්න ඕනෙ ලංකාවෙ Geek-show වල මේ ඇප් එකේ ගුණාංග ගැන කියල තිබුන.ඒත් මම දැකපු ලොකු දෙයක් තමයි, එයාල සමත් වෙලා තිබුනෙ නෑ මේ App එකෙන් Install කරගන්න Apps නිසා ඔයාගෙ Android Device එක කොච්චර ලොකු අවදානමක් ගන්නවද කියල.ඒකට ලගම සහ හොදම උදාහරණය තමයි අවුරුදු කිහිපයකට කලින් විශාල ලෙස ජනප්‍රිය උන ක්‍රීඩාවක් තමයි COC හෙවත් Clash of Clans ක්‍රීඩාව..කොච්චර ජනප්‍රියද කියනවනම් කට්ටිය සල්ලි දීල Gems ගත්තනෙ..ඔන්න ඔය කාලෙදිම Blackmart එකේ දැම්ම Clash of Clans Pro කියල App එකක්..හරිම පහසුයි වෙන කිසි දෙයක් නෙමෙයි කියල තිබුනෙ, Email ලිපිනය සහ password එක  ඇතුලු වෙන්න එතකොට Game එක full Unlock වෙනව කියල.Email Address එකයි password එකයි ඇතුලු කරාට කවමදාවත් Game එක Full unlock උනේ නෑ.මේක විහිලුවක්නෙ කියල කට්ටිය App එක ඉවත් කර..හැබැයි කට්ටියගෙ අතින් උන වැරැද්දෙ තරම තේරුනේ මාස 2ක් ගිහින් අන්තර්ජාල හැසිරීම වාර්තා කරන සමාගමක් විසින් මේ App එක මගින් සිදු කරල තිබුන අනවසර දත්ත සිරාගැනීම එලිකිරීමත් එක්ක.මුලින්ම Google සමාගම එය ප්‍රතික්ෂේප කලත් පසුව Google සමාගම එක පිලිගෙන අවශ්‍ය පියවර ගනු ලැබුව. වාර්තාවල තිබුන විදිහට මේ ව්‍යාජ App එක නිසා Android device ලක්ශ 12 ක පමණ තිබුන පෞද්ගලික දත්ත කිසිවෙකුට නොදැනුවත්ව සොරාගෙන තිබුනලු.😨

හරි මේක ඕනම කට්ටිය ඉන්නවබනම් මෙතනින් ගිහින් ගන්න,හැබැයි සියලුම වගකීම ඔබ සතුයි.  🔺🔺


බැලුවහම කියල තියෙන්නෙ නරක විතරමයිනෙ කියල කෙනෙක්ට කියන්න පුලුවන්.ඔව් මේ ලිපියෙන් මම ඔයාලට ගෙනාවෙ අපේ ගේම් ලෝලීන් කිහිප දෙනෙක් අහල තිබුන ප්‍රශ්නෙකට පිලිතුරක්.ඒත් මේක හැමෝටම වැදගත්.

හොඳයි එහෙනම් ජීවියා තුලින් මේ පාරත් ඔයාලට ගොඩක් වදගත් සහ කුතුහලයට ලක්වෙලා තිබුන දෙයක් ගැන විස්තර ගෙනාව කියල හිතනව.තවත් ලිපියක් ලියන් ගමන් තමයි මේ ලිපිය ගෙනාවෙ.මේ ලිපියෙ අඩුපාඩු තියෙනවනම් Comment එක්ක දාන්න.ඒ වගේම ඔයාලට දැනගන්න මොනවම හරි  තියෙනවනම් ඒත් Comment එකක්  දාන්න.වෙලාවක් ලැබන පළවෙනි වතාවෙන්ම ඔයාලට පිලිතුරු ගේන්න try එකක්  දෙනව.
එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙන තුරු ආරක්ෂිත දවසක් වේවා

No comments

Powered by Blogger.