Header Ads

GramFree- අලුත්ම සල්ලි උල්පත - සිංහලෙන්


හෙලෝ ළමායි..,ඔන්න එහෙනම් අදත් ප්ලෑන් කරගෙන හිටියෙ නැති ආටිකල් එකක් අරගෙන ආව..මේකත් අපේ ජීවියෙක් (චමත් මල්ලි,අපේ පරණම සාමාජිකයෙක්) පොඩ්ඩක් හොයල කියන්න කියල request කරල තිබුන එකක්..


හරි මාතෘකාවට එමු එහෙනම්..,ඔයා open network භාවිතා කරන කෙනෙක් නම් දකින්න ඇති මේ දවස් ටිකේ සංසරණය වන පෝස්ට් එකක් Gramfree සල්ලි හොයමු කියල..ඉතින් ගොඩක් කට්ටිය මේක ගැන දැනගන්න ආසාවෙන් හිටිය වගේම ගොඩක් අයට මේක scam එකක්ද කියල දැන්ගන්න ඕනෙ කමක් තිබුන.අපි ඒ ගැන මේ review එකෙන් බලමු..

මුලින්ම මම මේක facebook හරහා බැලුව..ඒත් gramfree ආයතනය ඔවුන්ගේ ආයතනය පිලිබද වැඩි විස්තර සපයල නැති නිසා මම risk එකක් අරන් ඔයාල වෙනුවෙන් මේ chain එකට එකතු උනා.
හරි මේ තියෙන්නෙ මගෙ Gramfree Account එකේ Dashboard එක හෙවත් ප්‍රධාන මුහුනත..

Review එක පිලිබද Summary එක:
සමාගම් නම:Gramfree
වෙබ් අඩවිය:http://gramfree.net
අයිතිකරු:නොදනී
භාණ්ඩය හෝ සේවාව:අදාල ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක්
වියදම: නොමිලේ
නීතිවිරෝධීද? : ඒක තීරණය කරන්න කල්වැඩී..
මම මේක ඔයාලට සහතික කරනවද?: නෑ මම මේක ඔයාලට අන්තර්ජාල මුදල් ඉපයීමේ ක්‍රමයක් විදිහට සහතික කරන්නෙ නෑ.
මොකක්ද පිලිබදවද මේ Gramfree කියන්නෙ?
Gramfree කියන්නෙ ඔවුන්ගේ වෙබ් අඩවියේ පවතින එක් එක් ආකාරයෙ ක්‍රියාකාරකම් වල නිරත වෙනවට rewards ලැබෙන අලුත්ම Airdrop වගේම GTP (Get to paid) වෙබ් අඩවියක්.ගෑම් කියන්නෙ Cryptocurrency මත පදනම් උන ගෙවීම් ඒකකයක්.Gramfree වෙබ් අඩවියෙ තියෙන සමහර ක්‍රියාකාරකම් කරනවට,නව පරිශීලකයන් බදවගන්නවට,ඔවුන් විසින් සපයන Video බැලීම,ගේම්ස් සෙල්ලන් කිරීම ආදී ක්‍රියාකාරකම් වලට Gramfree එකෙන් ගෙවීම් කරනව..
Gramfree වැඩකරන්නෙ කොහොමද?
මුලින් කිව්ව වගේ ඔයාලට ලැබෙන task කරනවට ඔයාලට ගෙවීමක් සිදුවෙනව..මේකෙ ලියාපදිංචි වෙන එක සම්පූර්ණයෙන් නොමිලේ වෙන්නෙ..පියවර තුනකින් ලියාපදිංචි වෙලා නොමිලේ Gram 10ක් ලබාගන්න පුලුවන්..ලියාපදිංචි උනාට පස්සෙ තියෙන්නෙ ඔයාට පුලුවන් තරම තව නව පරිශීලකයන් මේකට එකතු කරගන්න එක සහ ඒකෙ තියෙන Videos නැරබීම සහ Game play කිරීමයි..ඒ විදිහට ඔයලට Gram ලැබෙනව..
මේකෙ සල්ලි හොයන්න පුලුවන් කියන ක්‍රම මොනවද?
1-නව පරිශීලකයන් බදවා ගැනීමෙන්
2-Video නැරඹීමෙන්
3-කුඩා ක්‍රීඩා වැඩසටහන් ක්‍රීඩා කිරීමෙන්
4-තාමා විසින් නිර්මාණය කරන ලද ප්‍රවර්ධන අකාරයේ Video පට youtube වෙත යොමු කිරීම මගින්
Gramfree කියන්නෙ වංචාවක්ද?
ඇත්තටම ඒක තීරණය කරන්න දැන්ම වේලාසන වැඩී.මොකද මේ site එක පටන් අරන් තාම කුඩා කාලයක් නිසා.ඒ වගේම Gramfree ආයතනය පිලිබද විස්තර තියෙන්නෙ කුඩා ප්‍රමාණයයි..කොහොම උනත් මේ විදිහෙ platform එකකට එකතු වෙද්දි අදාල ආයතන වංචාකාරී ආයතනයක්නම් ඔයාලට හොයාගන්න ලේසි ක්‍රම කිහිපයක්ම තියෙනව.
එක තමයි මේ විදිහට ගෙවීම් මත පරිශීලකයන් සම්බන්ධ කරගන්න ආයතන පිලිබද ඔවුන් සම්පුර්ණ විස්තර පරිශීලකයන්ට යොමු කරන්න ඕනෙ.එහෙම තියෙනවනම් අපිට පුලුවන් ඒක වංචාකාරී ආයතනයක් නොවන බව ඒ විස්තර මූලික කරගෙන දැනගන්න.වංචාකාරී ආයතන ගොඩක් වෙලාවලට ඔවුන්ගෙ අනන්‍යතාව සගවනව.අන්න ඒක තමයි ඔයාල දැන්ගන්න ඕන කරන පොයින්ට් එක..
එතකොට Gramfree පිලිබද ඒ කරුණු සලකල බැලුවහම Gramfree ආයතනයේ නිර්මාණකරුවන් හෝ ආයෝජකයින් කවුද කියල කොහෙවත්ම සදහනක් නෑ..
හැබැයි Gramfree එකේ පොඩි විශේෂතාවක් තියෙනව.එයාල නිර්මාණකරුවන් හෝ අයෝජකයින් කවුද කියල නැති උනාට Gramfree නමින් "Contact us" හෙවත් "අපව සම්බන්ධ කරගන්න" කියල E-Mail පහසුකම් සහ අනෙකුත් සම්බන්ධ කරගැනීමේ පහසුකමක් තියෙනව කියල සදහන් කරල තියෙනව.
Gramfree Payment පහසුකම්.
Gramfree වල මම දකින එක විශේෂත්වයක් තමයි ඔවුන් විසින් විශාල ප්‍රමාණයක Payment Methods ලබාදී තිබීම.පහලින් තියෙනව ඒ පහසුකම්:
Paypal
Bank transfer
Payoneer
American Pay (හුරු නැති අයට වැරදියට කියවෙයි සමහරවිට 😉)
Bitcoin
American Express
Payment කිරීම සම්බන්ධව සනාථ කිරීම් තියෙනවද?
ඔව්,ඔයා Gramfree ලියාපදිංචි උනොත් ඔයාට පෙනේවී කිහිපදෙනක් සටහන් තියල තියෙනව තමන් සල්ලි withdraw කරගත්ත කියල.සමහරු $1000 ගත්ත කියල තියෙනව..ඒත් අදකාලෙ ඕනම කෙනක්ට පුලුවන් තමගෙ සයිට් එකට DumyComments ඇතුලත් කරන්න.ඒක නිසා ඒක පිලිබදව මට වැඩි විශ්වාසයක්නම් නෑ..
ඒවගේම වැදගත්ම ප්‍රශ්නය තමයි මේ විදිහට free platform එකකට ලියාපදිංචි අයෝජකයින් නැතුව සල්ලි එන්නෙ කොහොමද කියන එක..එහෙම මූලාශ්‍රයක් නැතුව කොහොමද ඉන්න Members ලට ගෙවීම් කරන්නෙ..
අනිත් කාරනාව මේක ගැන වැඩිදුර හොයනකොට මම දැක්ක Gramfree එක අපිත් එක්ක සම්බන්ධ වෙන්න Domain Names දෙක්ක යොදාගන්නව..ඒකත් ඉතින් හොදටම සැකසහිතයිනෙ...

ඉතින් මේව තමයි Gramfree එක පිලිබද විස්තර...මගේ අදහසට අනුවනම් අන්තර්ජාල මුදල් සෙවීමට Gramfree  පිලිබද විශ්වාසය නොතැබිය යුතුයි..මොකද කියනවනම් මම කිව්ව මූලික කරුණු කරණා තමයි අපි මේ වගේ දේකදි සලකා බලන්නෙ..
එත් ඔයාලගෙ අදහස් වෙනස් වෙන්න පුලුවන්..ඔයාල කැමතිනම් Gramfree එකේ ලියාපදිංචි වෙලා Try කරල බලන්න. නැත්නම් Gramfree site එකට ගිහින් බලන්න නිකමට වගේ.මෙතනින් ඔයාලට Gramfree site එකට යන්න පුලුවන්..
ඉතින් ඔන්න වැඩ ගොඩක් අස්සෙ තව ජීවියෙක් ඉල්ලල තිබුන දෙයක් කරල දුන්න..
බොලවු ජීවියනෙ, ජීවියා Email බොක්ස් එකේ Mail පුරවන විතරක් මහන්සි වෙන්නෙ නැතුව අහන්න තියෙන දෙයක් හරි කියන්න තියෙන දෙයක් හරි Comments එකකුත් දාගෙන යමල්ල..😜
එහෙනම් ඊලග ලිපියෙන් එන්නම් ඉක්මනින්ම..

No comments

Powered by Blogger.