Header Ads

හැමෝම දන්න හැමෝගෙම තේරීම්.........


      හැමෝම දන්න හැමෝගෙම තේරීම්.........

ගොඩක් වෙලාවට අපි හැමෝම දන්න වාහන BRAND ටිකක් තමා පල්ලෙහයින් තියෙන්නෙ.


                                        ඔව් ගොඩක් කට්ටිය මේ වාහන ටික ගැන කතා කරාට,මේ වාහන වල කම්පනියෙ ඉතිහාසය ගැන දන්නේ නෑ..ඔන්න එහෙනම් අදින් පස්සෙ මේ BRAND වල වාහන ගැන විතරක් නෙමෙයි,ඒවගෙ ඉතිහාසය ගැනත් ඔයාල මේ ලිපියෙන් දැන ගනීවි....

  1. ෆෙරාරි ( Ferrari )
ෆෙරාරි (Ferrari S.p.A) යනු සුපිරි මෝටර් රථ නිපද වනු ලබන ඉතාලි මොටර් රථ සමාගමකි. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතික  Enzo Ferrari මහතාය. ඔහු 1898 පෙබරවාරි 18 දින ඉතාලියේ Modena හි උපත ලැබිය.තරුණ වියේදී  ඔහු Alfa Romeo මොටරථ ධාවකයෙකු ලෙසද කටයුතු කලේය.

ෆෙරාරි සමාගමේ ආරම්භක අඩිතාලම ලෙස සැලකෙන්නේ 1929 දී Enzo Ferrari විසින් පිහිටවනු ලැබූ Scuderia Ferrari නම් මෝටර් රථ ධාවකයන්ට තරග වලදී  අනුග්‍රහය දක්වන ආයතනයයි. 1933 දී Alfa Romeo සමාහම තම මෝටර් රථ ධාවන කණ්ඩායම විසුරුවා හැර එය Scuderia Ferrari කණ්ඩායම වෙත පවරන ලදී. නැවත 1938 දී Alfa Romeo සමාහම ඔවුන්ගේම කණ්ඩායම ලෙස Alfa Corse පිහිටුවා ගත් අතර Enzo Ferrari මහතා කළමණාකරු ලෙස පත් කරන ලදී. මේ සමගම Scuderia Ferrari කණ්ඩායම විසුරුවා හරින ලදී.
1939 දී එයින් ඉවත් වූ ඔහු Auto Avio Costruzioni නමින් මුලිකවම ගුවන් යානා අමතර කොටස් සහ විවිධ යන්ත්‍ර කොටස් නිපදවන තමාගේම ව්‍යාපාරයක් අරඹන ලදී .1949 දී ඔවුන් Tipo 815 නමින් ධාවන තරඟ වලට භාවිතා කරන මෝටර් රථයක් නිපදවන ලදී. දෙවන ලෝක යුද සමයේ 1944 දී මිත්‍ර හමුදා විසින් බෝම්බ දැමීම නිසා කර්මාන්ත ශාලාව විනාශයට පත්විය. දෙවන් ලෝක යුද්ධය නිමවීමත් සමග 1946 දී නැවත කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කල අතර මෙවර සාමාන්‍ය මාර්ගවල ගමන් කල හැකි (road cars) මෝටර් රථ නිපද වීමද ආරම්භ කර තිබුණි.

මෙහි ප්‍රතිපලයක් ලෙස 1947 දී පළමු Ferarri මෝටර් රථය ( Road Car)  වූ 125 S එළිදක්වන ලදී. මෙය Ferarri මෝටර් රථ වල ඇරඹුම ලෙස සැලකේ.

Ferarri ලාංජනය ලෙස යොදා ගන්නා අශ්වයාගේ සංකේතය (cavallino rampante) පිලිබඳ ද ඉතිහාස කතාවක් පවතී. එනම් එම සංකේතය පළමුව භාවිතා කර ඇත්තේ පළමු  ලෝක යුද්ධ සමයේ ඉතාලිය වෙනුවෙන් සටන් කර දිවි පිදු දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම පළමු ලෝක යුධ විරුවෙකු වූ  Francesco Baracca ය. ඔහු  තම ගුවන් යානයේ බඳ කොටසේ මෙම අශ්වයාගේ රුපය සිතුවම් කරගැනීම පුරුද්දක් කර ගෙන තිබුණි.  
                                      
1923 දී Enzo මෝටර් රථ ධාවන තරඟයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව Francesco Baracca ගේ මව මුණ ගැසිනි.එහිදී ඇය කල ඉල්ලීමකට අනුව විවිධ වෙනස්කම් සිදු කිරීමෙන් පසුව 1929 සිට එය තම නිල ලාංජනය ලෙස භාවිතා කිරීම ඇරඹිය. තම උපන් ගම වූ Modena හි සංකේතත්මක් වර්ණය වූ කහ ලාංජනයේ පසුබිම ලෙස යොදා ගැනුන අතර මුදුනේ ඉතාලි ජාතික කොඩියේ වර්ණ වූ කොළ සුදු සහ රතු සිතුවම් කරන ලදී. S F යන අක්ෂර දෙකෙන් Scuderia Ferrari යන්න නිරුපනය වේ .
                                            
Ferarri මෝටර් රථ වලට බොහෝ විට යොදා ගන්නා රතු වර්ණයට හේතු වී ඇත්තේ 1920 ගණන් වල සිට මෝටර් රථ ධාවන තරග වලදී රථ නිරුපන කරන රට වෙන්ව හඳුනා ගැනීමට යොදා ගන්නා වර්ණය අනුවයි. ඒ අනුව Alfa Romeo,Maserati,Ferrari, Abarth ආදී ඉතාලි මෝටර රථ රතු වර්ණයෙන්ද , Bugatti වැනි ප්‍රංශ මෝටර් රථ නිල් වර්ණයෙන්ද , Benz වැනි ජර්මානු මෝටර් රථ සුදු වර්ණයෙන්ද (1934 සිට රිදී පැහැය), බ්‍රිතාන්‍ය මෝටර් රථ කොළ පැහැයෙන්ද වර්ණ ගන්වයි .

තවත් සුපිරි ඉතාලි මෝටර් රථ සමාගමක් වන Lamborghini සමාගමේ ආරම්භයට ද පාදක වී ඇත්තේ Enzo Ferarri මහතා සහ Ferruccio Lamborghini මහතා අතර ඇති වූ මත ගැටුමකි. (එය කියවන්න )   

1969 දී Fiat සමාගම Ferarri හි 50% ක කොටස් මිලදී ගන්නා ලද අතර 1988 වන විට 90% ක කොටස් මිල දී ගන්නා ලදී. වර්තමානය වන විට (2015) 80% ක කොටස්  Fiat Chrysler සමාගම සතුවන අතර තවත් 10% ක් කොටස් මහජනයා වෙත නිකුත් කොට තිබුණි.ඉතිරි 10% ක කොටස් Enzo Ferarri මහතාගේ  පුත්‍රයකු වන Piero Ferrari සතු වේ.

වර්තමානයේ වෙළඳපොල ඇති Ferrari මෝටර් රථ කිහිපයක් පහත දක්වා ඇත....

 Ferrari 488 GTB

Ferrari 458 Speciale

Ferrari California


(www.ferrari.com වෙබ් අඩවිය ඔස්සේ වැඩි තොරතුරු ලබාගත හැක..)


Audi යනු ලොව සුපතල මෝටර් රථසැලසුම්කරසාදා බෙදා හරිනු ලබනජර්මානු ආයතනයකිඑහි මූලස්ථානයපිහිටුවා තිබෙන්නේ ජර්මනියේ Ingolstadt, Bavaria හිය.
මෙහි ආරම්භය ලෙස සැලකෙන්නේ1899 නොවැම්බර් 14 දින  August Horch මහතා ආරම්භ කරන ලද "A. Horch & Cie" ආයතනයයි


නමුත් ඊට වසර 10කට පසු A.Horch මහතා සහ කලමණාකාරිත්වය අතර ඇතිවූ මතගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන් ඉවත්වි 1909 දි "Horch Automobil-Werke GmbH" ලෙස නව ආයතනයක් ආරම්භ කරන ලදි.එවිට මුල් ව්යාපාරයේකලමණාකාරිත්වය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය A.Horch මහතාට"Horch" යන වෙලඳ නාමය භාවිත කිරිම තහනම් කරමින් නඩු තීන්දුවක් දෙන ලදි.

මෙයින් බලවත් අපහසුතාවයට පත් වු A.Horch මහතා ඔහුගේ සමීපතම
මිතුරන් දෙදෙනෙකු වු  Paul සහ Franz Fikentscherසමග පැවැත්වු සාකච්චාවකට පසු " Horch " යන වෙලඳනාමය වෙනුවට "Audi" යන නාමය භාවිතා කිරීමඇරඹිය.ප්‍රථම Audi මොටර් රථය වු Type B, 10/28PSරථය 1910 දී වෙලඳ පොලට නිකුත් කරන ලදි.

1932 වසරේදී Audi ආයතනය  Horch, DKW( Dampf-Kraft-Wagen), සහ Wanderer  යනආයතන සමග ඒකාබද්ධ කර නව “ Auto Union AG” පිහිටවන ලදි.දැනට භාවිතාකරනු ලබන එකට ඈඳුනු වලලු හතරක නිල ලංඡනයෙන් සංකේතවත් වන්නේ මෙමඒකාබද්ධ කරන ලද අයතන හතරයි
1966 වසරේ සිට Audi ආයතනයේ විශාලතම කොටස්කරු වන්නෙ 99.5%  කොටස්හිමිකාරිත්වය දරන ජර්මනියේ  Volkswagen  ව්යාපාරයයි

ලොව රටවල් 8 Audi නිෂ්පාදනාගාර 9ක් පවතිඒවා නම් ජර්මනියේ Ingolstadt,Neckarsulm ඉන්දියාවේ Aurangabadස්ලෝවේකියාවේ Bratislava ,බෙල්ජියමේBrussels ,චීනයේ Changchunහන්ගේරියාවේ Győrඉන්දුනීසියාවේ Jakarta සහස්පඤඤයේ Martorell.



සුපිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ  Sant'Agata Bolognese හි පිහිටා ඇත.

මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතිකයෙකු වූ  Ferruccio Lamborghini  මහතාය. ඔහු 1945 දී පමණ කුඩා ගරාජයක (Garage) ට්‍රැක්ටර් රථ ( Tractors ) නිෂ්පාදන ඇරඹූ අතර එමගින් හා තවත් ව්‍යාපාර නිසා 1960 ගනන් වන විට මහත්
ධනවතෙකු බවට පත්විය. දිනක් ඔහු එවකට ඔහු සතුව තිබූ මෝටර් රථ අතරින් ( Ferrari ) රථයේ ඇතිවූ දෝෂයක් නිරාකරණය කර ගැනීම සඳහා ඒ ආසන්නයේ  පිහිටි ( Ferrari ) ආයතනයේ සිටි එහි හිමිකරුවූ  Enzo Ferrari මහතා හමුවීමට ගිය අතර,  Enzo Ferrari මහතා ඔහු හමුවීමට කැමැත්තක් දක්වා නැත. මෙයින් කෝපයටපත්  Ferruccio Lamborghini  මහතා තමාගේම මෝටර් රථ ව්‍යාපාරයක් වූ Automobili Lamborghini  1963 දී අරඹන ලදි. ඔහු ගවපොර ( bullfighting ) පිලිබඳ මහත් උනන්දුවක් දැක්වූ අතර Lamborghini  මෝටර් රථ ලාංඡනය ලෙස fighting bull තෝරා ගන්නා ලදි.

1963 - 350GT






1963 දී ප්‍රථම රථය වූ Lamborghini - 350 GT එලිදක්වන ලදි. එය ලැබූ සාරථකත්වයත් සමග පිලිවෙලින් Lamborghini - 400 GT සහ 400 GT 2+2. එලිදැක්වුන අතර Lamborghini  නාමය 
ලොවපුරා ජනප්‍රිය විය. Lamborghini  නාමය 
ඉතිහාසගත වන්නේ 1965-1966 දී හඳුන්වා දුන් Lamborghini - Miura  ත් සමගය. 1973 දී හන්දුන්වා දුන් Lamborghini - LP400 Countach ද ඉතා ජනප්‍රිය විය.
Miura (1966-1973)






කෙසේ වුවද 1974 දී ට්‍රැක්ටර් ව්‍යාපාරය බංකොලොත් වීමත් සමග Lamborghini  මහතා තම ව්‍යාපාරය විකුණා දමන ලදි.1974 න් පසු මෙහි හිමිකාරත්වය තුන්වරක් වෙනස් වූ අතර 1978 දී බංකොලොත් භාවයටද පත් විය

1987 දී ඇමරිකාවේ Chrysler Corporation මෙය මිලදී ගත් අතර  නැවත 1994 දී මැලේසියානු සහ ඉන්දුනීසියානු සමාගමකට විකුනණ ලදි. 1998 දී Volkswagen  සමාගම මෙය මිල දී ගත් අතර වර්තමානය දක්වා එහි හිමිකාරිත්වය දරයි.



බුගාටි යනු ප්‍රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි.

Ettore Bugatti 1881 සැප්තැම්බර් 15 දින ඉතාලියේ මිලාන් හිදී උපත ලැබීය. කුඩා කල පටන්ම මොටර් රථ නිපද වීමට මහත් උනන්දුවක් කැමැත්තක් දැක්වූ ඔහු 1897 දී වයස අවුරුදු 17ක් වන විට Prinetti & Stucchi, නම් මොටර් බයිසිකල් නිපද වන ආයතනයකට බැදුනි.1900 දී ඔහුගේ ප්‍රථම මෝටර් රථය නිපද විය.මෙයට Gulinelli සහෝදරයන්ද සහය වූ අතර ඔවුන් මෙයට එකල ඉතාලියේ මිලාන් නුවර අන්තර්ජාතික ප්‍රදර්ශනයක්දී සම්මානද හිමි විය.

ඔහු 1901 de Dietrich නම් සමාගමක් සමග මොටර් රථ නිපදවීමේ ගිවිසුමකට එලබුන අතර  ඒවන විට ඉතා ලාබාල වියේ පසුවීම නිසා ඔහුගේ පියා වන Carlo Bugatti ගිවිසුමට අත්සන් කෙරුනි. එහිදී ඔහු තවත් මොටර් රථ කිහිපයක් නිපද විය. ධාවන තරඟ වලට සුදුසු මොටර් රථයක් නිපද වීම Bugatti ගේ අරමුණ වූ නමුදු ආයතන ඊට විරුද්ධ විම නිසා ඔහු ඉන් ඉවත් වී Emi Mathias නම් ආයතනයට බැඳුනි. වසර 2ක් යාමට මත්තෙන් එයිනුත් ඉවත් වූ ඔහු 1909 දී Bugatti නාමය යටතේ තම ව්‍යාපාරය ඇරඹීය. 

1910 වන විට Bugatti  මෝටරථ 5ක් නිපදවූ අතර එම සියල්ල අලෙවි විය. එසේම මේවන විට ඔහුගේ සහයකයා වූ Ernest Fredrich, බුගාටි මෝටරථ සමග ධාවන තරග වලට සහභාගී වීම ඇරඹුන අතර French Grand Prix තරගාවලියේදී එකල තිබූ සුපිරි රථ පරදවා දෙවන තැනට පත් වීම නිසා කාගේත් අවධානයට ලක් විය. මෙයත් සමග එවකට ඉතා ජනප්‍රිය වූ Peugeot මෝටර් රථ සමග ගිවිසුමකට එලඹ එම සමාගමට Babe Peugeot මෝටර් රථ නිපදවීම ඇරඹිය.

1921 ඉතාලියේ Brescia හි පැවති Voiturettes Grand Prix මෝටරථ තරගාවලියේ දී බුගාටි රථ පලමු,දෙවන,තෙවන සහ හතරවන ස්ථාන ලබා ගැනීම ඉතිහාසගත සිදුවීමක් විය. 1924 නිපදවූ Bugaati type 35 රථය තරග 2000 කට වඩා ජය ලබා තිබුනි. මේවන විට ඔහුගෙ පුත් Jean Bugatti  ද පියාගේ ව්‍යාපාර වලට සක්‍රියව දායක විය.

1939 දී මෝටර් රථ පරික්ෂාවක් අතර සිදුවූ රිය අනතුරකින් ඔහුගේ පුත් Jean Bugatti ජීවිතක්ශයට පත්වීම සිදුවුන අතර දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග ව්‍යාපාර සම්පූරණයෙන්ම ඇණහිටිනි. නැවත යුද්ධයෙන් පසු ව්‍යාපාර ඇරඹූ Bugati මහතා Type 73  රථ 5ක් පමණ නිපදවීය.
1947 Ettore Bugatti මිය යාමත් සමග ව්‍යාපාර අඩපණ වූ අතර තවත් පුත්‍රයෙකු වූ Roland Bugatti ව්‍යාපාර දියුණු කිරීමට වෑයම් කලද එය සාර්ථක නොවීය.

නැවත Bugatti නාමය ලොවට පැමිනෙන්නේ 1987 දී ඉතාලි ජාතික  Romano Artioli  විසින් Bugatti නාමය අත්පත් කරගෙන Bugatti Automobili SpA පිහිටු වීමත් සමගයි. ඔහු Lamborghini Miura සහ  Lamborghini Countach. හි නිර්මාපකයන් වූ Paolo Stanzani සහ  Marcello Gandini සමග එකතුවී  Bugatti EB110 නිපදවන ලදි. සුප්‍රසිද්ද මොටර් රථ ධාවකයෙක් වූ  Michael Schumacher  ද මෙම රථයක් මිලට ගත් බව සඳහන් වේ.

1998 දී ජර්මනියේ Volkswagen  සමාගම Bugatti  නාමය අත්කර ගත් අතර මෝටර් රථ කීපයක් වෙළඳ පොලට හඳුන්වා දෙන ලදි. මින් 2005 වසරේදී හඳුන්වාදුන් Bugatti Veyron EB 16.4 රථය මහත් ජනප්‍රිය විය. මේවන විට Bugatti Veyron ප්‍රධාන මාදිලි 4කින් වෙළද පොලට නිකුත් කර ඇත. ඒවා පහත දැක් වේ.

Bugatti Veyron (2005–2011)
උපරිම වේගය 407.12 km/h (252.97 mph). පමණ වේ.


Bugatti Veyron 16.4 Grand Sport (2009–2015)
උපරිම වේගය 369 km/h (229 mph). පමණ වේ.


Bugatti Veyron 16.4 Super Sport (2010–2011)
උපරිම වේගය 431.072 km/h (267.856 mph) පමණ වෙ.


Bugatti Veyron 16.4 Grand Sport Vitesse (2011-2015)
උපරිම වේගය 375 km/h (233 mph). පමණ වේ



මීට අමතරව පුද්ගලික ගැනුම කරුවන්ගේ අවශ්‍යතාවයට අනුව නිමාව වෙනස් කරන ලද Bugatti Veyron රථ ද වේ. දශකයකට ආසන්න කාලයක්දී නිපදවා ඇත්තේ Bugatti Veyron රථ 450 කට ආසන්න සීමිත ප්‍රමාණයකි.

මේවන විට Bugatti Veyron 16.4 Super Sport රථය වේගවතම මහමාර්ගවල ගමන් කල හැකි.(street-legal) මොටර් රථයට හිමි ගීනස් වාර්තාවද, විට Bugatti Veyron   16.4 Grand Sport Vitesse  රථය වේගවත්ම  ආසන දෙකේ (roadster) මොටර් රථයට හිමි ගීනස් වාර්තාවද උසුලයි.

2015 පෙබරවාරි 23 දින අවසාන වශයෙන් Bugatti Veyron Grand Sport Vitesse රථය අලෙවිකරණ ලදි.

....................................................................................................................................................................................................................................

ඉතින් ඔන්න ඔහොමයි අපි හමෝම ගොඩක් ආස කරන වාහන වල ඉතිහාසය තියෙන්නෙ..ඉතින් අද ඉදන් මේ වාහන ගැන කතා කරතොත්,ඒවගෙ ඉතිහාසය ගැනත් කියනන් අමතක කරන්න එපා....

(සියලුම තොරතුරු ප්‍රථම මූලාශයන්ගෙන් ලබාගන්නා ලදී.)

No comments

Powered by Blogger.