Header Ads

ලංකාවේ වාහන තොරතුරු සංශෝධනය.....

ලංකාවේ වාහන තොරතුරු සංශෝධනය.....                             


   අපි වාහනයක් ගත්තාම පස්සෙ  අපිට වාහනය ගැන ගොඩක් ගැටලු එනව.ඒවගෙන් එක ගැටලුවක් තමයි වාහන ලියාපදිංචි සහතිකයෙ තොරතුරු සංශෝධනය කරගන්න එක.ගොඩක් ප්‍රසිද්ධ කාරනයක් නොවුනත් මේ ගැනත දැනගන්න එක ගොඩක් වටින නිසයි මේ ලිපියෙන් මම ඔයාලට ඒ ගැන කියන්නෙ.
                 වාහනේ මේ කරුනු සංශෝධනය කරගද්දි DMT එකෙන් නිකුත් කරපු කරුනු ටිකක් තියෙනව.මේ කරුනු වලට අනුකූලව මුලින්ම ඒ ඒ අවශ්‍ය ලිපි කටයුතු සූදානම් කරගැනීම තමයි හොඳම..මේ ගැන වෙන් වෙන්ව දක්වපු කරුනු තමයි මේ දක්වල තියෙන්නෙ... 

ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි
        1. CMT 72 අයඳුම්පත
        2. වාහනයේ ලියාපදිංචි සහතිකය
        3. වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා පමණි)
        4. වාහනයේ පාට, එන්ජින් අංක ආදි ‍තොරතුරු වෙනස් වන‍්නේ නම් මෝටර් රථ පරීක්ෂක සහතිකය (CMT – 130 )
        5. සු‍ඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට් පත් වල මුල් පිටපත් සහ ඡායාපිටපත්
        6. වෙනත් එන්ජිමක් සවි කර ඇත්නම් කොමසාරිස් ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය සහ එන්ජිම මිලදි ගත් රිසිට් පත (ඡායාපිටපත්ක් සමඟ ).
        7. නම , ලිපිනය සංශෝධනය වන්නේ නම් එය සනාථ කිරීම සදහා ඊට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කර යුතුය.(උදා :- උප්පැන්න සහතිකය , ජාතික හැදුනුම්පත , ග්‍රාම නිළධාරී වාර්තාව , දිවුරුම් ප්‍රකාශයක් වශයෙන්.)
        ගාස්තුව රු. 300
        උගසක් / පරම අයිතියක් / බද්දක් ලියාපදිංචි කිරීම
        1. වාහනයේ ලියාපදිංචි සහතිකය (CR)
        2. වාහන හැදුනුම්පත (VIC)
        3. වාහනයේ ලියාපදිංචි අයිතිකරු වාහනය අදාළ ආයතනයට උගස් කිරීමට / පරම අයිතිය පැවරීමට කැමැත්ත ප්‍රකාශ කළ ලිපියක්
        4. උගසක් ලියාපදිංචි කිරීමට නම් උගස් ඔප්පුවේ සහතික කළ පිටපතක් සහ උගස ලියාපදිංචි කරන ලෙස මූල්‍ය ආයතනයේ ලිපි ශීර්ෂයක ලියූ ලිපියක්
        5. පරම අයිතියක් ලියාපදිංචි කිරීමට සම්පුර්ණ කරන ලද MTA 3 ආකෘතිය.
        6. බද්දක් ලියාපදිංචි කිරීමට බදු ඔප්පුවේ පිටපතක් හා බදු කරුගේ ලිපියක්
        වාහනයක උගසක් / පරම අයිතියක් / බද්දක් ලියාපදිංචි අවලංගු කිරීම
        1. වාහනයේ ලියාපදිංචි සහතිකය (CR)
        2. වාහන හැදුනුම්පත (VIC)
        3. අයදුම් කරුගේ ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද ඡායා පිටපතක් සියළුම බැදීම් අවසන් බව හා උගස / පරම අයිතිය / බද්ද අවලංගු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් අමතා මූල්‍ය ආයතනයේ ලිපි ශීර්ෂයක ලියූ ලිපියක් (එකී වාහන අංකය සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය වේ.) 
        වාහනයේ ලියාපදිංචි සහතිකය (CR) හෝ වාහන හැදුනුම්පත (VIC) නැති වූ අවස්ථාවක අනුපිටපතක් ලබා ගැනීම
        1. CMT 65 අයදුම් පත
        2. එම සහතිකය නැති වු බවට කරන ලද පොලිස් පැමිණිල්ල (සහතික කළ පිටපත) හා එයට මුදල් ගෙවූ කුවිතාන්සිය
        3. උගසක් / පරම අයිතියක් / බද්දක් ලියාපදිංචි වී ඇත්නම් අනුපිටපතක් නිකුත් කිරීමට විරෝධතාවයක් නොමැති බවට අදාල ආයතනය නිකුත්කල ලිපියක්
        4. ලියාපදිංචි සහතිකය (CR) වාහන හැදුනුම් පතේ (VIC) මුල් පිටපත විකෘති වී ඇත්නම් හෝ අර්ධ වශයෙන් විනාශ වි ඇත්නම් එයද ඉදිරිපත් කළ යුතුය.
        5. ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්
        6. වාහනයක බර සහතිකයක් ලබා ගැනීම සඳහා CMT 130 ඉල්ලුම්පතක්
        වාහනයක අංක තහඩුවක අනුපිටපතක් හෝ ඉංග්‍රිසි අක්ෂර සහිත වාහනයක ස්ටිකරයක අනුපිටපතක් ලබා ගැනීම
        1. CMT 65 අයදුම් පත
        2. අංක තහඩුව / ස්ටිකරය නැති වූ බවට පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලේ සහතික කළ පිටපතක් හා එයට මුදල් ගෙවූ කුවිතාන්සිය
        3. උගසක් / පරම අයිතියක් / බද්දක් ලියාපදිංචි වී ඇත්නම් අංක තහඩුව / ස්ටිකරය අනුපිටපතක් නිකුත් කිරීමට විරෝධතාවයක් නොමැති බවට අදාල ආයතනයෙන් නිකුත්කල ලිපියක්.
        4. අංක තහඩුව / ස්ටිකරයේ මුල් පිටපත විකෘති වී හෝ අර්ධ වශයෙන් විනාශ වි ඇත්නම් එයද ඉදිරිපත් කළ යුතුය.
        5. ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක්
        වාහනයේ ලියාපදිංචි සහතිකය නැතිවූ අවස්ථාවක අනුපිටපතක් සමග පැවරුමක්ද ලියාපදිංචි කරන ලෙස ඉල්ලීම
        1. ඉහත ( 1 ) හි සහ ( 6 ) හි සඳහන් කර ඇති ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.
        2. නව අයිතිකරු විසින් වාහනය මෝටර් රථ පරික්ෂකවරයෙකුට පෙන්වා ලබා ගත් අනන්‍යතා සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
        (අනන්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය සහික ආකෘති පත්‍රයක් මෙම දෙපාර්තමේන්තුවෙන් අයදුම්කරුට නිකුත් කරනු ලැබේ.)
        වාහනයක ලියාපදිංචි අවලංගු කිරීම
        ලියාපදිංචි කරනු ලැබූ මෝටර් වාහනයක් ශ්‍රී ලංකාවෙන් ඉවත්කරනු ලබන්නේනම් හෝ විනාශ කරන්නේ නම් හෝ කොටස් වලට ගලවා දමා ඇත්නම් හෝ ස්ථිර වශයෙන් නැවත සේවයට යොදාගත නොහැකි තත්වයට පත්කර ඇත්නම් හෝ එහි ලියාපදිංචිය අවලංගු කිරීම සඳහා දින 14 ක් ඇතුලත ලියාපදිංචි අයිතිකරු විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත දැන්විය යුතුය.
        මෙවැනි ඉල්ලීම් සෘජුව මෙම දෙපාර්තමේන්තුවට යොමුකිරීමට කටයුතු කිරීම සුදුසුය.අවලංගු කිරීමේ ඉල්ලීමක් MTA 67 මගින් ඉදිරිපත් කළ යුතු අතර රටින් බැහැර ගෙනයාමේ ඉල්ලීමක් MTA 140 මගින් ඉදිරිපත් කල යුතු වේ.
        රටින් බැහැර ගෙන යන ලද මෝටර් රථයක් නැවත රට තුලට ගෙනවිත් ලියාපදිංචිය නැවත සකී%ය කිරීමට අවශH විටදී බැහැර ගෙන යන අවස්ථාවේදී නිකුත්කල ලියාපදිංචි සහතිකය.විදේශයක ලියාපදිංචි කලේ නම් එකී ලියාපදිංචිය අවලංගු කිරීමේ ලියවිලි සමග රේගු ලියකියවිලි ඉදිරිපත් කළ යුතු වේ.
        • ආබාධිත රථයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය ලියවිලි
          • වාහනයේ ලියාපදිංචි සහතකය වාහනයේ හැඳුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර සහිත වාහන සඳහා පමණි)
          • අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වරණ හෝ කළු සුදු ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සමදාන විනිශ්චයකාරවරයෙකු හෝ මාණ්ඩලික නිලධාරියෙකු විසින් ඡායාරුපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුදුවෙහි සටහන්ව තිබිය යුතුය.)
          • පැවරුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ ඡාය පිටපතක්
          • CMT – 75, CMT – 130 , CMT – 72 අයදුම්පත්
          • වෛද්‍ය සහතිකය
        ඉන්ධන පරිවර්ථනය
        ඉන්ධන පරිවර්ථනය සිදුකළ හැකි වන්නේ ලි.පි කළ දින සිට වසර 3 කට පසුව හා වසර 25 කට පෙර කාලසීමාව තුළ පමණි.
        අදාල ලිපි ලේඛන
        1. CMT 130 පෝරමය.
        2. CMT 72 පෝරමය.
        3. ආදායම් බලපත්‍රයෙහි ඡායා පිටපතක්.
        4. ෆිනෑන්ස් කම්පැනි එකේ ලිපිය ( ෆිනෑන්ස් තිබේනම් පමණි ).
        5. එන්ජින් එ‍කේ බිල්පතෙහි ඡායාපිටපතක්.
        6. ලි.පි සහතිකයේ ඡායා පිටපතක්.
        7. ඉල්ලීම් ලිපියක්.
        ක්‍රියාවලිය
        1. ඉහත ලිපිලේඛන කාර්මික ශාඛාව වෙත ඉදිරිපත් කර ඉන්පසුව ඒ සඳහා මෝ.ප්‍ර.කො ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය ලබාගතයුතුය.
        2. අනුමැතිය ලබාගත් ලියවිලි හා වාහනය වේරහැර කාර්යාලය වෙත ඉදිරිපත් කර බර සහතිකයක් ලබාගෙන ඉන් අනතුරුව අදාල ගබඩාව වෙත ලියවිලි භාරදී ඉන්ධන පරිවර්ථනය සිදුකර ගත යුතුය.
        වාහන පංති පරිවර්තනය
        වාහන පංති පරිවර්තනය කළ හැකි වන්නේ ලි.පි. කළ දින සිට වසර 25 ක් ඇතුලත පමණි.

        අදාල ලිපි ලේඛන
        1. CMT 130 පෝරමය.
        2. CMT 72 පෝරමය.
        3. ආදායම් බලපත්‍රයේ ඡායාපිටපත.
        4. ෆිනෑන්ස් කම්පැනි එකේ ලිපිය (ෆිනෑන්ස් තිබේනම් පමණි).
        5. ලි.පි සහතිකයේ ඡායා පිටපතක්.
        6. ඉල්ලීම් ලිපියක්.
        ක්‍රියාවලිය
        1. ඉහත ලිපිලේඛන කාර්මික ශාඛාව වෙත ඉදිරිපත් කර ඉන්පසුව ඒ සඳහා මෝ.ප්‍ර.කො ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය ලබා ගත යුතුය.
        2. අනුමැතිය ලබාගත් ලියවිලි හා වාහනය වේරහැර කාර්යලය වෙත ඉදිරිපත් කර බරසහතිකයක් ලබාගෙන ඉන් අනතුරුව අදාල ශාඛාව වෙත ලියවිලි භාරදී වාහන පංති පරිවර්ථනය සිදුකර ගැනීම.

                           ඉතින ඔයාල මේ ගැන ලොකු දැනුමක් ලබන්න ඇති කියල හිතනව..මේ ලිපියෙන් ඔයාල දැනුමක් ලබාගත්ත කියල හිතෙනවනම් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා...මේ වගේ වැදගත් ලිපියක් එක්කෙ ආයෙත් එක්මනින් හමුවෙමු.

        No comments

        Powered by Blogger.