Header Ads

මුරපද මගහැරීම


Hack කරමුද????

ඔව් හැකින් වගේ දෙයක්නම් අපේ ජීවියො නොකා නොබී උනත් ඒක කරයි.ඒ තරමට උනන්දුවක් තියෙන්නෙ..එත් අද කියන්න යන්නෙHacking ගැනම නෙමෙයි..එත් මේ උපක්‍රමෙන් වෙනත් යූසර් එකවුන්ට් එකකට එබිකම් කරන්න උනත් පුලුවන්,ලේසියෙන්ම.සමස්තයක් වශයෙන් ගොඩක් කට්ටිය භාවිතා කරන්නෙ වින්ඩොස් මෙහෙයුම් පද්ධති..මෙහෙම භාවිතා කරන වින්ඩොස් වලගොඩක් වෙලාවට අපි යොදාගන්න පාස්වර්ඩ් අපිටම අමතක වෙනව.ගොඩක්දුරට තමන්ගෙ පරිගනකයෙ තියෙන වෙනත් යූසර් එකවුන්ට් එකක පාස්වර්ඩ්  එක උනත් අපිට අමතක වෙන්න පුලුවන්.මේවගේ අවස්තාවලදි කට්ටිය මොහොතක්වත්
පරක්කු වෙන්නෙ නැතිව පරිගනකයත් උස්සන් කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට දුවන එක තමයි වැඩේ..ඒත් අද ජීවිය කියල දෙන්නම් ඔයාලට ඔයිට වඩා ලේසි පහසු ක්‍රමයක්...ඔව් සොෆ්ට් එකක් ගැන තමයි කියන යන්නෙ...නිකන් එකක් නෙමයි මේක සුපිරි ඝණයේ පාස්වර්ඩ් රිකවරි සොෆ්ට්වෙයාර් එකක්.

                                                  "Advanced password Recovery"

පාස්වර්ඩ් අමතක උනත් අමතක උන පාස්වර්ඩ් එක රිකවරි කරගැනීමේ පහසුකම මෙකෙන් සපයල තියෙනව...නොමිලේ නිකුත් කරන සොෆ්ට් එකක් වෙන මේක  joshcellsoftwares.com/products/Advancedpasswordrecovery  යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.මෙහෙම ඩවුල්ලෝඩ් වෙන්නෙ Advanced password recovery කියල සිප් ෆයිල් එකක්.මේක අනෙක් සොෆ්ට්වෙයා වගේ ඉන්ස්ටෝල් කරන්න ඕන වෙන්නෙ නෑ..මේක ඊඑක්ස්ඊ (exe) ෆයිල් එකක්.අන්තර්ජාලය තියෙන ඕනම තැනකදි  ඩවුන්ලෝඩ් කරගෙන පෙන් එකක දාගෙන ගිහින් වෙනත්  pc එකක උනත් භාවිතා කරන්න පුලුවන්... මේක ක්‍රියාත්මක වෙන්න අන්තර්ජාල පහසුකම ඕන නෑ..(ඕෆ් ලයින්)
                     ඇත්තම කිව්වොත් මේක පෝටබල් නිධානයක් වගේ    😄😃😃👌

හරි මෙහෙමයි මේකෙ වැඩ සිද්ද වෙන්නෙ.

පාස්වර්ඩ් ඉවත් කිරීම

මෙහෙයුම් පද්ධතියෙ තියෙන ඕනම යූසර් එකවුන්ට් එකක පාස්වර්ඩ් ඉවත් කරගන්න පුලුවන්මේ කෙන්..මුලින්ම  Advanced password recoveryඇප්ලිකේශන් වින්ඩෝ එක විවෘත කරග්න්න ඕනෙ.ඒකට ඔයාගෙ ඩවුන්ලෝඩ් උන ස්පි ෆයිල් එක ඕපන් කරගන්න ඕනෙ.winRAR සොෆ්ට්වෙයා එකකින් ඒක කරගන්න පුලුවන්...හරි ඕක ඕපන් කරගන්න එක හල් ඔකු දෙයක් නෙමෙයි.ඕපන් කරගත්තට පස්සෙ,ඇප්ලිකේශන් වින්ඩෝ එකේ Account patching වෙත යන්න ඕනෙ.ඒකෙ තියෙන ඩ්‍රොප් ඩවුන් වින්ඩෝ එකේ අවශ්‍ය username එක තෝර ගන්න ඕනෙ.ඊට පස්සෙ Remove password නම් යන්න තෝරන්න ඕනෙ.එතකොට ඒ පාස්වර්ඩ් එක ඉවත් වෙනව.ඉවත් කරපු පාස්වර්ඩ් එක වෙනුවට අලුත් පාස්වර්ඩ් එකක් ලබා දෙන්න ඕනෙනම් New password යන්න තෝරන්න..මේ දාපු පාස්වර්ඩ් එක උනත් මේක හරහාම ඉවත් කරගන්න පුලුවන්...ඒවගෙම අලුත් පාස්වර්ඩ් යොදන්නත් පුලුවන්.



යූසර් එකවුන්ට් හැසිරවීම

යූසර් එකවුන්ට් එකක් තාවකාලිකව අක්‍රිය කර තියන්නත් පුලුවන් මේකෙන්.ඒකට Username ඩ්‍රොප්ඩවුන් මෙනු එකෙන් එහෙම අක්‍රිය කරන්න ඕනෙ එකවුන්ට් එක තෝරගන්න ඕනෙ..දැන් පහලින් තියෙන Account manager යටතේ තියෙන Disable නම් බට්න් එක ක්ලික් කරන්න..එකවුන්ට් එක අක්‍රිය උන එක දන්වන්න පණිවිඩේකුත් ස්ක්‍රීන් එකේ පෙන්වයි.දැන් ඉතින් ඒ එකවුන්ට් එක භාවිතා කරන්න බෑ..ඒක භවිතයට ගන්න නම් මුලින්ම ඒ එකවුන්ට් එක සිලෙක්ට් කරල Account manager යටතේ Enable නම් බට්න් එක ක්ලික් කරන්න ඕනෙ.දැන් ආයෙත් එකවුන්ට් එක භාවිතා කරන්න පුලුවන්.එකවුන්ට් එක Delete කරන්න ඕනෙ නම් එකවුන්ට් එක තෝරල Delete නම් බට්න් එක ක්ලික් කරන්න ඕනෙ...


අලුත් පාස්වර්ඩ් සැකසීම

ඉතා ආරක්ශිත පාස්වර්ඩ් අලුතෙන් නිපදවාගන්න ඇඩ්වාන්ස් පාස්වර්ඩ් රිකවරි වැඩසටහන යොදාගන්න පුලුවන්.ඒකට Menu එකේ තියෙන Password generator කියන එක තෝරගන්න ඕනෙ...ඒක යටතේ  Password generator Manager යන්න තෝරගන්න..ඊට පස්සෙ Length යන්න ඉදිරියෙන් පාස්වාර්ඩ් එකට තියෙන්න ඕනෙ අක්ෂර ගණන තෝරන්න ඕනෙ.පස්සෙ Type තුලින් පාස්වර්ඩ් එකෙහි ආකාරය තෝරාගෙන
 Genarate කියන බට්න් එක ක්ලික් කරන්න.දැන් පාස්වර්ඩ් එකක් සකස් වෙයි..ඒක කොපි පේස්ට් කරගෙන ඕන තැනකට යොදන්න පුලුවන්.මේක 100% ආරක්ශිතයි..

ජීවිය අද ගෙනාව වැඩසටහනත් ඉතාමත් සුරක්ශිතයි..ඒක ගැන ජීවිය වගකියනව...මොකද ජීවියත් මේක භාවිතා කරා...

හරි මේ ලිපිය භවිතයෙන් ඔයාල ලොකු දැනුමක් එකතු කරගන්න ඇති කියල හිතනව...එහෙනම් මේ වගේ තවත් හරවත් ලිපියක් 
ඔයාලට අරගෙන ජීවිය ඉක්මන්ට හමුවෙන්නම්.එතකන් ජීවියත් එක්ක ටච් එකේ ඉන්න.....

No comments

Powered by Blogger.