Header Ads

පරිගණකයේ කොදුනාරටිය පිරිසිදු කිරීම...


වින්ඩොස්  මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන අවස්තාවේදී වින්ඩොස්  රෙජිස්ට්‍රිය ඉතා පිලිවෙලට මෙන්න අනවශ්‍ය දේවල් වලින් තොරව තිබුනද විවිද වැඩසටහන් ඉන්ස්ටෝල් කිරීමේදී රෙජිස්ට්‍රියේ වෙනස්කම් සිදුවෙනව.මේවගේ වෙනස් වෙන සැකසුම් වලින් බොහොමයක් නැවත හැදෙන්නෙ නෑ.ඒ නිසා කාලයක් යනකොට රෙජිස්ට්‍රියෙ අනවශ්‍ය සෙටින්ස් බොහොමයක් මෙහෙම තැම්පත් වෙනව.මේ හේතුව නිසත් පරිගනකය මන්දගාමී වෙන්න ගන්නව.ඒවගේම දෝශ ඇති වෙන්නත් පටන් ගන්නව.එබැවින් කලයුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නෙවුනත් රෙජිස්ට්‍රිය පිරිසිදු කරගෙන තබා ගැනීම වටිනව...

ඉතින් මෙහෙම රෙජිස්ට්‍රිය පිරිසිදු කරගැනීමට බොහෝමයක් වැඩසටහන් තියෙනව.ඒවගෙනුත් දැනට හොඳයි කියල තියෙන වැඩසටහන්ලෙස "නෙට්ග්‍රේඩ් රෙජිස්ට්‍රි ක්ලීනර් "(Netgrate Registry cleaner) ගොඩක් ප්‍රසිද්ධයි..මේකෙන් රෙජිස්ට්‍රියෙ අනවශ්‍ය දේවල් ඉවත් කරනව වගේම රෙජිස්ට්‍රිය ඩීෆැග් (Defrag) කරන්නත් පුලුවන්.එමෙන්ම හාඩ් එකේ අනවශ්‍ය  file හා වැඩසටහන් ඉවත්කරගැනීමටත්,මහෙයුම් පද්ධතිය පණ ගැන්වෙන විට ක්‍රියාත්මක වෙන වැඩසටහන් ඉවත් කිරීම වැනි දේත් කර ගන්නට පුලුවන්..


මේ මෘදුකාංගය  www.netgate.sk/product/registry-cleaner/ යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.කොහොමහරිමේක ඉන්ස්ටෝල් කරගන්න දැනුම තියෙනවනෙ.එහෙම කරගත්තාම මුලින්ම නම් ඉබේම මේ වැඩසටහනට  ඇතුලු වෙනව.නැත්නම් වින්ඩොස් 10 තුලදිනම් ස්ටාට් මෙනූ තුල තියෙනව..වින්ඩොස් 8 වලත් ස්ටාට් මෙනූ එකෙන්ම මේක ගන්න පුලුවන්...**"මේක බැලූ බැල්මට නෝමල් සොෆ්ට්වෙයා එකක් වගේ පෙනුනත් හරි හැටි දැනුමක් නැතිව මේක පාවිච් කරොත් ඔයාගෙ පරිගනකයෙ රෙජිස්ට්‍රියට හානි වෙලා අලුතෙන්ම මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන්න වෙයි..ඒක නිසා මම ආයෙත් කියනව,මේ පිලිබද වැඩි දැනුමක් නැති කට්ටිය මේ දීල තියෙන උපදෙස් වලින් පිට කිසිවක් කරන්න එපා..."**

හරි එහෙනම් අපි පටන් ගමු..ඇප් එක ලෝඩ් උන ගමන් ඒකෙ වම් පැත්තෙ තියෙන තීරුවෙන් අවශ්‍ය ටැබ් එක තෝර ගන්න පුලුවන්.වැඩසටහන වෙත පිවිසෙන කොටත් තේරිල තියෙන්නෙ  scan කියන එක... scan එක Run කරාම ඒක මුලින්ම රෙජිස්ට්‍රියෙ තියෙන වැරදි සහ අඩුපාඩු හොයල පෙන්වනව.Next  බටන් එක ක්ලික් කරල අන්තිමට  Remove බට්න් එක ක්ලික් කරාම  scan  එකෙන් හම්බ උන අඩුපාඩු ඉවත් කරල දාන්න පුලුවන්.

රෙජිස්ට්‍රිය ඩීෆැග් කිරීම

රෙජිස්ට්‍රිය නියමිත පිලිවෙලට නැතිව තියෙනවනම් එය ඩීෆැග් කරල නියමිත පිලිවෙලට නැවත් සකසා ගන්න පුලුවන්.මේකට වම්පැත්තෙන් තියෙන Optimize (ඔප්ටිමයිස්) නම් ටැබ් එක තෝරගෙන (Defragment registry)  ඩිෆැග්මන්ට් රෙජිස්ට්‍රි නම් බටන් එක තෝර ක්ලික් කරන්න..මෙහෙම කරල සුලු,මොහොතකින්  වින්ඩොස් රෙජිස්ට්‍රිය ඩිෆැග් වෙනව.ඒහෙම උනාට පස්සෙ පරිගනකය රීස්ටාට් කරන්න වෙනව.ඒක පස්සට දන්න එපා,මොකද මේ කාර්යෙදි ඒක වැදගත් වැඩක්.

ස්ටාටප් ක්ලීන් කිරීම

වින්ඩොස්  මෙහෙයුම් පද්ධතියට පිවිසෙන විට සක්‍රිය වෙන අනවශ්‍යවැඩසටහන්නවතා දැමීම සදහා  startup (ස්ටාටප්) ටැබ් එක කිල්ක් කල යුතුය.මෙවිට මෙහෙයුම් පද්ධතියට පිවිසෙන විට සක්‍රිය වන සියලුම වැඩසටහන් නවතා ගැනීමට පුලුවන්.ඒවගෙන් ඉවත් වීමට ඒ ඉදිරියේ ඇති  Remove බටන් එක කිල්ක් කිරීම මගින් ඒව නවතා දමන්න පුලුවන්.


වැඩසටහන් අනිඉන්ස්ටෝල්  කිරීම

මේකනම් ස්ටාර්ට් මෙනූ එකෙන් කොන්ට්‍රොල් පැනල් ගිහින් එතනින්  programs and features  ගිහිනුත් කරග්න්න පුලුවන්.ඒත් මේ වැඩසටහනෙනුත් මේ පහසුකම සපයල තියෙනව.ඒ සදාහා මුලුන්ම  uninstall  නම් ටැබ් එක මත කිල්ක් කල යුතු වෙනව.එතකොට පරිගනකයෙ ඉන්ස්ටෝල කරල තියෙන සියලුම මෘදුකාංග පෙන්වනව..තමන්ට අනවශ්‍ය වැඩසටහන ඉදිරියෙන් තියෙන චෙක් බොක්ස් සිලෙක්ට කරල  uninstall  නම් බටන් එක කිල්ක් කල විට මෘදුකාංග සියල්ල උනත් එකපාර ඉවත් කරගන්න(අන්ඉන්ස්ටොල් කරගන්න) පුලුවන්.

ෂෙඩියුල් සැකසීම

තෝරා ගත් කාලයකට වරක් රෙජ්ස්ට්‍රිය ක්ලීනප් වැඩසටහන ඉබේම ක්‍රියාත්මකවීමට සැකසුමට  options ටැබ් එක තෝරාගත යුතු වෙනව..එහෙදී  scheduling යන්න යටතේ ඇති  Enable නම් චෙක් බොක්ස් එක තෝරාගන්න..අන්තිමට ඉතින් මේ වැඩසටහන ඉබේම ක්‍රියා කරන්න ඕනෙ දවස් හා වේලාවන් දෙන්න තමයි තියෙන්නෙ...


පරිගනකයෙ රෙජිස්ට්‍රිය කියන්නෙ කොදුනාරටිය වගේ දෙයක්,ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන එක හොඳයි.ඒත් ඒකට අනවශ්‍ය ලෙස හැම වෙලාවෙම බලපෑම් නොකර ඉන්න එක තමා හොදම...මේ වගේ තවත් හොද ලිපියකින් ආයෙත් ඉක්මනිනම හමුවෙමු...මේ ලිපිය හොඳයිනම්  comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා.

No comments

Powered by Blogger.