Header Ads

බියොන්ඩ් දි අර්ත්...(නුපුරුදු පෘථිවිය)


මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් මත ගොඩනැගුනු පරිගනක ක්‍රීඩාවක්.අදින් වසර 600 ක් ගියාම බිහිවන මිනිසුන් වාසයට සුදුසු වෙනත් ලෝකයක් හොයාගෙන ගිහින් එහෙ ජනාවාස ගොඩනැගීම පිලිබද මේ ක්‍රීඩාව නිර්මාණයවෙලා තියෙන්නෙ.අනාගත ලෝකය මිනිස් වාසයට නුසුදුසු තරම් දූෂණයවූ විට ලෝකය පුරා රටවල
විද්‍යාඥයන්එක්වෙලාඅ මෙනිසාට ජීවත් වීමට සුදුසු ලෝකයක් පරික්ශා කරනව.මෙහෙම හොයාගත ග්‍රහලොව පරික්ශාවට සහ මිනිස් ජනාවාස ගොඩනගන්න පරීක්ෂක කන්ඩායමක් මේ ග්‍රහලොවට යවනව..

මේ ක්‍රීඩාවෙදී තමන්ට තියෙන්නෙ මේ යවපු කන්ඩායමේ නායකය හැටියට කන්ඩායම 
මෙහෙයවන්න.ක්‍රීඩාවෙන් වෙනවන ග්‍රහලොව කාලයකට ඉහතදී දියුනු ජීවී කොඨාශයක් 
ජීවත් උන ග්‍රහලොවක්.එනිසා එහෙ නටබුන් බොහොමයක් ඉතිරි වෙලා තියෙනව.දියුනු 
ජීවී කොඨාශය වද උනත් නොදියුනු ජීවී කොඨාශ කිහිපයක් මේ ග්‍රහලෝකයේ තැන් තැන් 
වල සැගවිල ඉන්නව...මේ නොදියුනු ජීවීන් ගොඩක් ලොකු කරදරයක් වෙනව මේ පර්යේෂකයන්ට.
ඉතින් නගර සැලසුම් කරන්න කලින් මේ නොදියුනු ජීවීන්ගෙන් එල්ල වෙන තර්ජන මැඩපවත්වල 
ඔවුන්ව විනාශ කරල දාන්න ඕනෙ...මේ ක්‍රීඩාවෙ නොගැලපෙනම දේ තමා නොදියුනු සියලු ජීවීන්ව 
විනාශ කරල දාන එක..ඒක පොඩ්ඩක් ශිෂ්ඨසම්පන්න නැති ගතියක් තමයි මේ ක්‍රීඩාවෙනම් 
පේන්න තියෙන්නෙ...
කොහොම උනත් මුලින්ම මේ කට්ටිය ආපු  space ship එක ගොඩබාන්න කලින් කුඩා ඒකෙ 
ඉන්න හමුදා කණ්ඩායමක් යවල මේ ග්‍රහ ලොව පිලිබදව විස්තර හොයන්න යවන්න වෙනව 
ක්‍රීඩකයට..මේක බොහොම සියුම් විදිහට සැලසුම් කරපු ක්‍රීඩාවක්.මේකෙදි ක්‍රීඩකයට ග්‍රහලෝකයෙ 
වායුගෝලීය තත්වයත් විමසල බලන්න වෙනව.මුලිනම් යන කණ්ඩායම ග්‍රහලෝවෙ ගොඩබානන් 
හොද තැනක් හොයාගන්න ඕනෙ.ඒක ක්‍රීඩකයගෙ නිවැරදි තෝරාගැනීමක් වෙනව.
මූලික පරික්ශන වලින් පස්සෙ නගර නිර්මානය කරන්න පටන් ගන්න ඕනෙ.මිනිසුන්ට ජීවත් වෙන්න 
ඕනෙ සියලුම මූලික අවශ්‍යතා නගරයට ඇතුලත් කරන්න ඕන වෙනව.රෝහල්,පාසල්,කරමාන්ථශාලාත් 
ඉදි කරන්න වෙනව...


මෙහෙම පටන් ගතතට පස්සෙ කට්ටිය අපු space ship එක ගොඩබාන්නත් ස්ථානයක් හදන්න වෙනව.
මේවට අවශ්‍ය අමුද්‍රවය පෘථිවියෙන් ගෙන්ව ගන්න තියෙන්නෙ සීමා සහිත ගමන් වාර කිහිපයක් විතරයි.
ඉතින් මේ ගමන් වාර හරියට මැනේජ් කරගන්නෙ නැතුව ගමන් වාර අපතේ යැවුවොත් ක්‍රීඩාවෙන් පස්සට 
ගිහින් නැවතත් මුල ඉදන් කාලය අරන් ගමන් වාර සැලසුම් කරන්න වෙනව...මේ ක්‍රීඩාව  Gamerslog එකෙ
6.8 ක rate එකක් තියෙන ගේම් එකක්...හැබැයි මේක රිලීස් කරපු දවස් වල  free ලබා දුන්නත් දැන් ගන්න 
වෙන්නෙ මුදල් ගෙවීමක් යටතේ තමයි..ඒත් දුක් වෙන්න දෙයක් නෑ..ඔයා Torrent ලෝලියෙක් නම් ගේම් 
එක free ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක පහතින් දක්වල තියෙනව...ඩවුන්ලෝඩ් කරගෙන Play කරල
විනෝද වෙන්න එහෙනම්...... 



No comments

Powered by Blogger.