Header Ads

ෆයිල් වලට පණ නල පිබීම..

පරිගනකයේ  තිබිල ඔයා මකල දාපු ෆෝල්ඩර් එකක් හෝ ඕනෑම ෆ්යිල් විශේෂයක් රිකවරි කරන්න පුලුවන් නියම සොෆ්ට්වෙයා කෑලලක් අද ජීවිය ඔයාලට ගෙනව.මේවගේ වැඩවලට විශේශ සොෆ්ට්වෙයා ඕන බව අපි දන්නවනෙ.ඒවගේම මේ වැඩ වලටගොඩක් සොෆ්ට්වෙයා තිබුනත් ජීවිය ඔයාලට ගේන්නෙ ඒවගෙනුත් හොදම එකනෙ..ඉතින් මේ වැඩේට හොදම එක තමයි  ඔස්ලොජික් ෆයිල් රිකවරි (Auslogics File recovery)වැඩසටහන. මේ වැඩසටහන විශේෂ වෙන්න හේතු කිහිපයක්ම තියෙනව..ඒවනම්,,

  • යිරස් ක්‍රියාත්මක වැනි විශේෂ කාරණා නිසා මැකී ගිය ෆයිල් උවත් නැවත ලබා ගත හැක.
  • ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක හෝ මෙමරි කාඩ් එකක හෝ තිබී මැකී ගිය ෆයිල් උවත් නවත ලබා ගත හැක.
  • ෆයිල් අවසන් වරට ස0ස්කරණය කල දින අනුව හෝ ඒවයේ නම් අනුව රිකවරි කර ගත හැක.එනිසා වෙනත් ෆයිල් රිකවරි වැඩසටහන් වලදී මෙන් නොගැලවෙන ෆයිල් රැසක් සොයා පෙන්වන්නෙ නැත.
  • තෝරා ගත් ෆයිල් එකක් නැවත රිකවරි කිරීමට නොහැකි ආකාරයට මකා දැමීමට පුලුවන්.


වැඩසටහන ඉන්ස්ටෝල කිරීම
මුදලට මිලදී ගත යුතු වැඩසටහනක් වෙන මේකෙ අත්හදා බැලීමේ ස්0ස්කරණය auslogic.com/en/software/file-recovery/යන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.කොහොම උනත් මේකෙ සම්පූරිණ වැඩසටහන (Crack File) නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ඒකෙ ලි0කුවත් ජීවිය මේ ලිපියෙම ඔයාලට දීල තියෙනව.ස්0ස්කරණය වැඩසටහනනම් ඩවුන්ලෝඩ් වෙන්නෙ සෙටප් ෆයිල් එකක් විදිහට,අන්තර්ජාලය තියෙන ඕනම පරිගනකයකින් ඩවුන්ලෝඩ් කරගෙන පෙන් ඩ්‍රයිව් එකක දාගෙන වෙනත් පරිගනකයකට ඉන්ස්ටෝල් කරනන්න උනත් පුලුවන්...ඒවගේම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න අන්තර්ජාලපහසුකම ඕන වෙන්නෙ නෑ.සෙටප් ෆයිල් එක ඩබල් ක්ලික් කරල ඉවර උනාම වින්ඩොස් 8 වලදිනම් සර්ච් චාම් එකේ  Auslogic කියල ටයිප් කරල සොෆ්ට්වෙයා එකට පිවිසෙන්න පුලුවන්.පරණ වින්ඩොස් ස්0ස්කරණයකදීත් ඉතින් නෝමල් විදිහට ස්ටාට් මෙනූ එකේ නම ටයිප් කරල හොයාගන්න වෙනව.

ෆයිල් රිකවරි සෙටි0 සැකසීම

මුලින්ම කළ යුත්තේ ඔස්ලොගික් ෆයිල් රිකවරෛ වින්ඩෝ එකෙහි වම්පසින් තියෙන ටාස්ක් එකෙන් රිකවරි කරන්න ඕනෙ ඩ්‍රයිව් එක තෝරන්න එක.මේ විදිහට ෆ්ලෑශ් ඩ්‍රයිව් උනත් රිකවරි අරගන්න පුලුවන්.හරි දැන් තෝරගත්ත ඩ්‍රයිව් එකේ ෆයිල් රිකවරි කරද්දි  ඩ්‍රයිව් එකේ තිබුන හැම ෆයිල් එකක්ම රිකවරි අර්න්න ඕනනම්  search all filesනම් ඔප්ශන් එක තෝරගන්න ඕනෙ.තෝරගත්ත ෆයිල් විතරක් පමනක් රිකවරි කර්න්න ඕනනම් search for these file only තෝරග්න්න.පස්සෙ ඒකට පහලින් තියෙන රිකවරි කරන්න ඕනෙ ෆයිල් වර්ගය තෝරගන්න ඕනෙ.ඊට පස්සෙ  Next  බටන් එක ක්ලික් කරන්න.





මේ ක්‍රියාවලියට පස්සෙ තියෙන්නෙ ෆයිල් එක රිකවරි කරන්න.අදාල අවසන් පියවරට ඔප්ශන් කිහිපයකුත් තියෙනව තෝරන්න.
  • වැඩසටහනේ උපරිම ධාරිතාවයෙන් ඩ්‍රයිව් එකේ අස්සක් මුල්ලක් නෑර ෆයිල් සොයා ගැනීමට අවශ්‍ය නම්  Perform deep scan යන්න චෙක් බොක්ස් එකෙන් තෝර ගන්න ඕනෙ.
  • ධාරිතාවයක් නැති උනත් අවශේෂ උන ෆයිල් හමූවුනොත්  ඒවා නොසලකා හැරීමට මෙහි ඇති  Skip zero-size file යන්න ඉදිරියෙන් ඇති චෙක් බොක්ස් එක තෝරන්න.
  • ස්කෑන් කරනකොට තාවකාලික ෆයිල් හෝ සිස්ටම් ෆයිල් හෝ නොසලකා හැරීමට  Skip temporary and system file යන්න ඇති චෙක් බොක්ස් එක තෝරන්න ඕනෙ.
හරි දැන් ඔක්කොම අමාරු වැඩ ටික ඉවරයි.හදපු සැකසුම් වලට අනුව ෆයිල් ටික රිකවරි කරගන්න තියෙන්නෙ පහලින් තියෙනෙ  search  බට්න් එක ක්ලික් කරන්න විතරයි.මේකෙ තව විශේෂත්වයවයක් තියෙනව.රිකවරි කරගන්න ෆයිල් ටික යම් කාලයකට,නමකට,ෆයිල් ධාරිතාවයකට අනුව තෝරග්න්න ඕනෙනම්  Filter ඔප්ශන් එක තෝර ගන්න පුලුවන්...


ෆයිල් ස්ථිරව මකා දැමීමට
රිකවරි කරත්ත ෆයිල් එක ස්ථිරව මකා දැමීමට අවශ්‍ය නම්  Action  මෙනු එකෙන්  Wipe selected යන්න තෝරන්න.ඒවගේම ඩ්‍රයිව් එක තුල තියෙන නිදහස් ධාරිතාව තුල තියෙන ෆයිල් පිලිබද විස්තර සහ වෙනත් දත්ත ආයෙත් රිකවරි කර්න්න බැරි වෙන්න මකා දන්න ඕනෙනම්  Tools  මෙනුඑකේ  free space wiper කියන එක තෝර ගන්න ඕනෙ.තෝරග්තාම පරිගනකයට සම්බන්ධ වෙලා තියෙන සියලුම ඩ්‍රයිව් පෙන්වනව.
ඒ ටිකෙන් අවශ්‍ය ඩ්‍රයිව් එක තෝරල දුන්නම ආයෙත් රිකවරි කරන්න බැරි වෙන්නම ඔක්කොම දත්ත මකල දානව. 


කොහොමද,මේක ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා කෑල්ලක් නේද...හ0ගන්න තරම් ප්‍රයිවසි එකක් තියෙන කට්ටිය ඔය ෆෝන් repair කරන්න shop වලට දෙන්න ඉස්සෙල්ල මේ සොෆ්ට්වෙය එකෙන් සම්පූර්නයෙන්ම ක්ලීන් කරල දුන්නත් කමක් නෑ.අවදානමට පෙර සූදානම හොදයිනෙ....

Free ඩවුන්ලෝඩ් කරගන්න -- http://full-pcsoftware.com/tag/auslogics-file-recovery-v7-0-0-0-torrent/
Share කරල යාලුවන්ටත් කියන්න... 


බලාපොරොත්තුවෙන් ඉන්න ජීවිය තවත් සුපිරි ලිපියක් ගේනකම්.......

No comments

Powered by Blogger.