Header Ads

ජේත්තුකාර චාජර් හැන්ඩියෙක්...



අපි මොන වර්ගයෙ ස්මාට් ෆෝන් එක බාවිතා කරත් අපිට බලපාන එකම ගැටලුව තමා ඉක්මනින්ම බැටරිය
බැසීම.උපකරනය දියුනු වෙන්න වෙන්න බැටරියෙ ධාරිතාවය අඩු වෙලා තියෙනව.මේ ප්‍රශ්නෙ නිසා අපි දැන්
 power bank වලට පුරුදුවෙලා තියෙනව.ඒත් power bank එකෙත්  power එක නැති වෙලා ගියාම මොකද
කරන්නෙ?
මේ ප්‍රශ්නෙට උත්තරයක් ස්වීඩනයෙ "මයිඑෆ්සී "සමාගම විසින් නිපදවල තියෙනව.ඒ තමා "මයිඑෆ්සී ජැක්"
චාජරය.මේ ජැක් චාජරය පොකට්ටුවක් වගේ.ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් කුඩා පවර් කාඩ් නම් කාඩ් එකක්
එයට අතුලත් කරන්න ඕනෙ.ඉන්පසු චාජරය  micro යූඑස්බී කේබලයකින්  ෆෝන එකට සම්බන්ධ කරාම ෆෝන් එක විදුලි සැපයුමට සම්බන්ධ කරාම චාර්ජ් වෙන තරම් වේගයෙන්ම සහ හොදින් ස්මාට් ෆෝන් බැටරිය චාර්ජ් වෙනව..

මේ ජැක් චාජරයට ඇතුලත් කරන්න ඕනෙ කාඩ් වර්ගයත් විශේෂිතයි.ඒක හදල තියෙන්නෙ ලුණු වතුරෙන්.මේ කාඩ් එක චාජරයට ඇතුලත් කල විට සම්පූර්ණ වන විදුලි පරිපථය නිසා ලුණු ජලය සහ ඔක්සිජන් එකෙනෙක ප්‍රතික්‍රියා කර විදුලිය නිපදවෙනව.මේ පවර් කාඩ් එකෙන් පැයට මිලිඇම්පියර් 1800ක වේගයෙන් යුතු විදුලි ධාරාවක් නිපදවනව.

හැබැයි මේ කාඩ් එකෙන් චාජ් කරන්න පුලුවන් වෙන්නෙ උපරිම 3 පාරක් විතරයි.ඒ නිසා මේ කාඩ් එක විතරක් පාවිච්චියෙන් පස්සෙ ඉවත දාන්න වෙනව.කාඩ් එක 100% ප්‍රතිචක්‍රිකරණය කල හැකි ද්‍රව්‍යයන්ගෙන් නිපදවල තියෙන නිසා පරිසර හානිය සිදුවෙන්න නෑ.ඔන්න ඉතින් දැන් කට ඇරපු ගමන් කියයි මෙහෙම කාඩ් කීයක් නම් ගන්න වෙයිද කියල.ඔව් මේ කාඩ් 10-15 උනත් තමන්ගෙ සාක්කුවෙ දාගෙන යන්න පුලුවන් ලේසියෙන්ම.

ආරන්චි වෙන විදිහට මේ කාඩ් ,"පැක්" විදිහට තමයි තමයි මිලදී  ගන්න වෙන්නෙ..දැන ඉතින් හූල්ලන්න දෙයක් නෑ පට්ට ගනන් වෙන්න ඇති කියල ,මේව ගොඩක් මිල අඩුයි...කොහොම උනත් මේ ස්මාට් ෆෝන් බැටරිය තව ටික කාලෙකින් ලංකාවේ මාකට් එකට එනවලු...මේ ගැන තව විස්තර ඕන්නම්  www.myfcpower.com එකෙන් දැනගන්න පුලුවන්...

No comments

Powered by Blogger.