Header Ads

ඩිජිටල් නිවුන්නු සෙවීම.


එකම ෆයිල් එකෙහි පිටපත් කීපයක් පරිගනකයෙ රැදී තිබීම මගින් පරිගනකයෙ ඉඩකඩ අපතේ යනව.ඒ නිසා මෙහෙම තියෙන ක්ලෝන් ෆයිල් පරිගනකයෙන් ඉක්මනින්ම ඉවත්කරගන්න එක හොදයි.එහෙම කියල එකින් එක අපිට හොය හොය ඉවත් කරන්න තරම් කාලයක් නෑනෙ.ඉතින් මොකද කරන්නෙ..හැම දේටම උත්තරයක් තියනව අගේම මේ ප්‍රශ්නෙටත් ජීවිය උත්තරයක් හොයාගත්ත.නිකන් එකක් නෙමෙයි හොදම විසදුමක්.

               "ක්ලෝන් ෆයිල් චෙකර්" 



මේවගේ සොෆ්ට්වෙයා කොච්චර තිබුනත් ඒව තමන්ගෙ කාර්යෙන් ඉටු කරන්නෙ ඉතා සුලු කර්තව්‍යයක්..එවගෙන් උපරිම වැඩක් ලැබෙයි කියල හිටියටනම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එක බොරු වැඩක්.එත් මේ වැඩසටහන සොෆ්ට්වෙයා වැඩ්ඩො අතර ගොඩක් ප්‍රසිද්ධයි.ක්ලෝන් ෆයිල්ස් චෙකර් වැඩසටහන  Sorcim.com/clone-files-checker.html යන වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ලැබෙන සෙටප් ෆයිල් එක ඉන්ස්ලෝස් කරගෙන තමන්ගෙ වැඩටික ස්මූත් එකට කරගන්න පුලුවන්.

මේකෙ විශේෂත්වය තමයි මෙ සොෆ්ට් එක ඕෆ්ලයිල් පරිගනකයක් ක්‍රියාකරවන්න පුලුවන් වීම. සුපුරුදු විදිහට සොෆ්ට්වෙයා වැඩ පිලිබදව අඩු දැනුමක් තියන කට්ටියට මේකෙන් වැඩ ගන්න විදිහ කියල දෙන්නම්..


ෆයිල් සෙවීම ඇරබීම
මුලින්ම පිටපත් වුන ෆයිල් හෙවත් ඩුප්ලිකේට ෆයිල් හොයාගන්න ඕනෙ ඩ්‍රයිව් එක තෝරල දෙන්න ඕනෙ..ඒකට ඇප්ලිකේශන් එකෙතියෙන වින්ඩෝ එකේ  home බටන් එක තෝරල දෙන්න ඕනෙ.එතන වම්පැත්තෙ ඉහලින්ම තියෙන add නම් බටන් එක ක්ලික් කරන්න.එතකොට  Browes for folder කියන බොක්ස් එකක් විවෘත වෙනව.ඒකෙන් අවශ්‍ය ඩ්‍රයිව් එක හරි පෙන් ඩ්‍රයිව් එක හරි තෝරල දෙන්න ඕනෙ.දැන් Start scan නම් බටන් එක ක්ලික් කලාම ඔයා තෝරල දුන්න ඩ්‍රයිව් එකේ හරි ෆෝල්ඩර් එකේ ඩුප්ලිකේට ෆයිල් තෝරල දෙනව.



සර්ච් සෙටි0න් සැකසීම
ඇප්ලිකේශන් වින්ඩෝ එකේ වපැත්තෙන් පහලින් තියෙන කොටසින් අවශ්‍ය ෆයිල් වර්ගය තෝරල දෙන්න පුලුවන්.එතන හැම වෙලේම තේරිල තියෙන්නෙ all file යන්න.ස්කෑන් වුන ඔක්කොම ෆයිල් ටික දකුනු පැත්තෙන් බලාගන්න පුලුවන්.ඔයාලට ඕනෙ documnet වර්ගයක්නම් document ලෙස තෝරන්න ඕනෙ,මියුසික් ෆයිල් එකක් නම් ඕනෙ  music ලෙස තෝරන්න ඕනෙ, video නම් video ලෙස තෝරන්න 
ඕනෙ.images උනත් හොයාගන්න පුලුවන්.


ඩුප්ලිකේට ෆයිල් ඉවත් කිරීම
හොයල දුන්න ෆයිල් අතරින් ඩුප්ලිකේට ෆයිල් ඉවත් කරගන්න Select duplicate නම් බට්න් එක ක්ලික් කරන්න ඕනෙ.එතකොට මෙනුවක් දිග හැරෙනව.එතනින් ෆයිල් ඉවත් කරන්න ඕනෙ ඔප්ශන් ක තෝරල දෙන්න ඕනෙ.පරණ පිටපත් ඉතුරු කරගන්නවනම් Leave the older version in each group ලෙස තෝරල දෙන්න ඕනෙ.අලුත් පිටපත් ඉතුරු කරගන්නවනම්  leave the new version ineach group යන්න තෝරල දෙන්න ඕනෙ...

මැකීමට අවශ්‍ය ෆයිල් තෝරගත්තට පස්සෙ දකුනුන් තියෙන Select Action යන්න තෝරගන්න.එතකොට Action  නම් බොක්ස් එක විවෘත වෙනව.එහිදී ආකාර තුනකට ඩුප්ලිකේට ඉවත් කරග්න්න පුලුවන්.පළවෙනි එක තමයි ෆයිල් move to Recycle bin යන්න.ඒකෙන් මකල දාන ෆයිල් Recycle bin එකට යවනව.ඩුප්ලිකේට ෆයිල් මකන්නෙ නැතිව වෙනත් ෆයිල් එකක තැම්පත් කරනවනම් Move to floder යන්න තෝරන්න ඕනෙ.ඔය මොනවත් කරන්නෙ නැතුව මේ අවශ්‍ය ෆයිල් ස්ථිරව මකල දාන්න නම්  Permanent Delete යන්න තේරිය යුතුයි.


ක්ලෝන් ෆයිල් හොයාගෙන ඒව ක්ලීන් කරන් තරමට තමන්ගෙ පරිගනකයට හොදයි..ඒවගේම ඒක සිස්ටම් එකටත් හොදයි.

     මේ ලිපිය Share කරල යාලුවන්වත් දැනුවත් කරන්න..  😼


හොදයි තවත් එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු..එතකන් ජීවියත් එක්ක ටච් එකේ ඉන්න...

No comments

Powered by Blogger.