Header Ads

ක්වන්ටම් බ්‍රේක් පරිගනක ක්‍රීඩාව


ක්වන්ටම් බ්‍රේක් පරිගනක ක්‍රීඩාව
මේ ගේම් එක නිපදවල තියෙන්නෙ මුලින්ම ගියපු  quantambreak  ටෙලි කතාමාලාවට පස්සෙයි..ක්වන්ටම් බ්‍රේක් යනු කාලය හරහා ගමන් කිරීම පිලිබදව පර්යේෂණයක් වැරදීයාම නිසා ඇති වන අහිතකර  ප්‍රතිඵල ගැන කියවෙන කතාවක්පාදක කරගෙන තැනුනු පරිගනක ක්‍රීඩාවක්.ජැක් සහ පෝල් ලමා වියේ සිටම හොදම මිතුරො වෙනව.

ජැක් ගෙ සොහොයුර වන විල් විශ්වවිද්‍යාලසිසුවෙක්.විල්,ජැක් ,පෝල්, යන තුන දෙනා එකතු වෙල  කාල යන්ත්‍රරයක් නිපදවනව.පෝලට අවශ්‍යවෙන්නෙ මේ යන්ත්‍රය ඉක්මනට ක්‍රියාත්මක කරන්න..කොහොමහරි පෝල්ගෙ උවමනාව මත කට්ටිය යන්ත්‍රය ක්‍රියාත්මකකරනව.කට්ටිය නොහිතපු විදිහට යන්ත්‍රය ක්‍රියාත්මක කරපු ගමන් පුපුරල යනව.මේ නිසා ලෝකයේ දැනට පවතින කාලය වෙනස් වෙන්න පටන් ගන්නව. මේකෙන් මිදීමට ඇති එකම ක්‍රමය යන්ත්‍රයෙ ඉතුරු වෙලා තියෙන කෑල්ල විනාස කරන එක විතරයි.

ජැක යන්ත්‍රය විනාස කරන්න හදද්දි පෝල් ඒකට විරුද්ධ වෙනව.පෝල්ට ඕන මේකෙන් වෙනත් යෙදුමක් කරල වෙලදව්‍යාපාරයක් පටන් ගන්න.ඒත් ජැකට ඕන මේ උන දේන් මිනිසුන්ටවෙන හානිය නවත්වන්න.කොහොමහරි පෝල් තමන්ගෙ අරමුන ඇතිව ව්‍යාපාරයක් පටන් ගන්නව.මේකට ගොඩක් ආරක්ෂකයොත් ගන්නව.පෝල මේ ආරක්ෂකයොන්ට කියනව කොහොමහරි ජැක්ව නවත්වන්න කියල.එත්න ඉදන් ජැක්ගෙ ඉලක්කය වෙන්නෙ කොහොමහරි පෝල්ව නවත්වන එක.මේ ගේම් එක නිපදවල තියෙන්නෙ මුලින්ම ගියපු  quantumbreak  ටෙලි කතාමාලාවට පස්සෙයි..

මේ ක්‍රීඩාවෙදි කීඩකයාට තියෙන්නෙ ජැක්ව හසුරවමින් තම මිතුරව පරාජය කරල ලෝකය බේරා ගැනීම.මේක ක්‍රීඩා කරදි සමහර අවස්ථා වලදි ක්‍රීඩකයට සමහර ස0වේදී තීරනත් ගන්න වෙන තැන් තියෙනව...මේකෙ ග්‍රැෆික් ගැන කියනවනම ග්‍රැෆික් සුපිරියටම තියෙනව.www.quantumbreak.com/game කියල type කරොත් ඔයාලට සයිට් එකට ගිහින් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


No comments

Powered by Blogger.